Saturday, 27 April 2024

පොසොන් උත්සවය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වැඩසටහන් රැසක්

Posted On Friday, 14 June 2019 09:17

මෙවර පොසොන් පොහෙ දිනය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති පොසොන් සතිය මුල් කරගෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කටයුතු යොදා ඇත.



ඒ අනුව 2019 ජූනි 13 දින පොසොන් සතියේ සමාරම්භක වැඩසටහන ලෙස සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, පසුදින එනම් අද 14 වැනි දින මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමටද කටයුතු යොදා තිබේ.

ජූනි 14 වැනි දින ප.ව. 2.00 ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීමට දිස්ත්‍රික් සමෘද්ධි අංශය මගින් කටයුතු යොදා ඇති අතර, ඒ සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සෑම අංශයකම නියෝජනය ලැබේ. පොසොන් පොහොය යෙදෙන 16 වැනි දින ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යලය මගින් එදිනම ප.ව. 6.00 සිට මඤ්ඤොක්කා දන්සැලක් පැවැත්වීමට සංවිධානය කොට ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන භක්ති ගීත සංදර්ශනය පැවැත්වීමට නියමිතව ඇත්තේද 2019.06.16 වැනිදාය.

පොසොන් සතිය අවසන් වන 2019.06.18 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේ සේවය කරන නිලධාරීන්ගේ පරිත්‍යාගයෙන් දිස්ත්‍රික්කයේ තෝරාගත් දිළිදු පවුල් සදහා විළි ආහාර ප්‍රාදනය කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සියළු සත්වයෝ දඩුවමට බිය වෙති යන තේමාව මුල් කරගනිමින් මෙවර පොසොන් පොහෝ දිනය සමරනු ලබන අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය කරමින් තවත් වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.