Sunday, 28 April 2024
නව පුවත්
 දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කන්කසන්තුරේ ප්‍රදේශවාසීන්පිරිසක් සමඟ ඊයේ (31)කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළ අතර, ප්‍රදේශවාසීන්ට අයත් ඉඩම්කිහිපයක විහාරස්ථානය ඉදිකර ඇති බව ඔහු පවසයි.

 

අධිකරණ නියෝගයක් කඩකරමින් එම ස්ථානයේම විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ අත්අඩංගුවට ගෙනපසුව ඇප මත මුදාහැර සිටි TNPF ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාද මෙම විරෝධතාවයට එක්වසිටියේය.

Posted On Thursday, 01 June 2023 11:00

කොළඹ ජනප්‍රිය පාසලක පැවති ප්‍රසංගයක් අතරතුර බෞද්ධ දර්ශනයට එරෙහිව නතාෂා එදිරිසූරිය කළ අපහාසාත්මක ප්‍රකාශයප්‍රචාරය කළ SLV Log නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා දිවාකර අද (31)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාතිබුණ අතර පැය හයක් තිස්සේ ප්රශ්න කර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Posted On Wednesday, 31 May 2023 21:35

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.

Posted On Thursday, 01 June 2023 07:49

රජය සතු ආයතන හතරක් මුදල් අමාත්‍යාංශයට

Posted On Thursday, 01 June 2023 07:44

අනපේක්ෂිත උද්ධමනය අඩුවීම සහ මිල ඉදිරි දැක්ම වඩාත් හිතකර කරයි

Posted On Thursday, 01 June 2023 07:40