Wednesday, 24 April 2024

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ (Online) අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

Posted On Tuesday, 01 December 2020 15:52

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ (Online) අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දිර්ඝ කෙරේ

 

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ (Online) අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2020.11.30 දින සිට 2020.12.21 දින දක්වා දිර්ඝ කෙරේ.

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් 1000 බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පහසුකම් සළසා ඇත.

මෙම තනතුරු සදහා Online ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අවසන් දිනය 2020 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

එම තනතුරු පිළිබද වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.