Friday, 29 March 2024

මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය අයාතනය 20 වනදා සිට ජනතාවට විවෘත කෙරේ

Posted On Monday, 19 October 2020 08:41

මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය අයාතනය 20 වනදා සිට ජනතාවට විවෘත කෙරේ

 

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගත තත්වය මත තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ මහජන සේවාවන් නැවත ජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට කොවිඩ් නීතිරීති අනුව 2020/10/20 දින සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂා කර වාර්ථා ලබාදීම ඇතුලු සේවාවන් සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා කාලය තුළ දුරකථන මාර්ග ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතුව ඇති අතර මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල WEB පිටුවෙහි සියලුම දුරකථන අංක සදහන්ව ඇති අතර, ඊට පරිබාහිරව කිසිදු හේතුවක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පැමිණෙන පුද්ගලයන් සදහා සේවා සැපයීමක් සිදු නොකරනු ඇත.

වේරහැර කාර්‍යාලය මගින් සිදු කරනු ලැබූ රියදුරු බලපත්‍ර ලබාදීමේ එක දින සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර සාමාන්‍ය සේවා යටතේ එම සේවය ලබාගැනීම සදහා වේරහැර කාර්‍යාලය විවෘත වන්නේ කොළඹ ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවට වන අතර ඔහුන් පදිංචිය සනාථ කල යුතු අතර අනෙකුත් දිස්ත්‍රික වල පදිංචි සේවා අපේක්ෂකයින් හට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට අයත් දිස්ත්‍රික කාර්‍යාල අදාල සේවාව සැපයීමට විවෘතව පවතී.පොලිස් ඇදිරිනීතිය පවතින දිස්ත්‍රික්ක වල හෝ පොලිස් වසම් වල ජනතාව සදහා මෙම සේවාවන් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමිනොවනු ඇත.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ www.ntmi.lk යන අන්තර්ජාලයට පිවිසීමෙන් නුගේගොඩ ප්‍රධාන කාර්යාලයෙන් සේවාව ලබා ගැනීමටසේවා ලාභීන්ට හැකියාව ඇතිිඅතර, ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් එම පහසුකම අනෙකුත් ශාඛා කාර්යාල මඟින් ලබා ගැනීමට කටයුතු සූදානම් කරනු ලැබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සතියේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට ප.ව 3.00 දක්වා කාලය තුල දුරකථන 0112852095/ 0112852868 අංක 2 ඇමතිමෙන් දිවයිනේ ඕනෑම ශාඛාවකින් සේවය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට පුළුවන්. ඉදිරියේදී ඕනෑම දුරකතන ජාලාවක් මඟින් අංක 225 ට ඇමතුමක් ලබා දීමෙන් මඟින් දිවයිනේ ඕනෑම ශාඛාවකින් සේවාව ලබා දීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ පහසුකම සැලසීමට කටයුතු කරනු ලැබේ.