Thursday, 18 April 2024

Hello නමැති සරල වචනයේ සංකීර්ණ සමාජ මෙහෙවරක් ඉටු කරන බව ඔබ දන්නවාද?

Posted On Thursday, 29 December 2016 14:56 Written by
Rate this item
(0 votes)

Hello නමැති සරල වචනයේ සංකීර්ණ සමාජ මෙහෙවරක් ඉටු කරන බව ඔබ දන්නවාද?

ලෝක “හෙලෝ” දිනය හෙවත් World Hello Day අදට යෙදී තිබේ.

බැලූ බැල්මට මේ දිනය ගැන හාස්‍යයක් උපදින නමුත් මේ විශේෂිත දිනය ලෝකයේ අප කාටත් අතිශය වැදගත් දිනයක් වේ.



හෙලෝ යන යෙදුම ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකතනය නිපද වූ දා සිට පැවතෙන බවද සඳහන් වේ.

එහෙත්, මෙම වචනය සංකීර්ණ සමාජ මෙහෙවරක් ලෙස පිළිගැනුණේ, 1973 වසරේ සිටය.

ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර පැවති යුද ගැටුම් සමනය කිරීමේ අරමුණින් ලෝක හෙලෝ දිනය 1973 වසරේ සමරනු ලැබිණ.

එය මෙවර  සමරනු ලබන්නේ, 44 වන වරට වේ.

මනෝ විද්‍යාඥයින් මෙන් ම සමාජ විද්‍යාඥයින් ද අවධාරණය කරනුයේ, යමෙකු තවත් අයෙකුට ‘හෙලෝ’ යන අර්ථයෙන් ඇමතීමෙන් ගැටුම් ඇතිවීම වළකින බව ය.

ලෝකයේ සියලු ම රටවල විවිධ භාෂා 6,500ක් පමණ භාවිත වන අතර එම භාෂාවලින් හෙලෝ යන්න විවිධාකාරයෙන් භාවිත වේ.

Read 4265 times