Thursday, 03 December 2020
නව පුවත්

වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය. එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.

 

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික් II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.

 

RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින්‍ මුහුදුබත් වූණා.

එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.

1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.

රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.

අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.

Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.

අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.

මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

► සුගත් පී කුලතුංගආරච්චි

By: Deshaya

Posted On Wednesday, 25 November 2020 11:43 Written by

 

මෙරට දුම්රිය මාර්ග පද්ධ­තියේ කෙටි දුරක් තුළ ඉහළ උස­කට ළඟා­ වන දුෂ්කර මාර්ග කොට­සක් ලෙස රඹු­ක්කන - කඩු­ග­න්නාව දුම්රිය මාර්ග කොටස හැඳි­න්විය හැකිය. ඒ ආශ්‍රිත සුවි­ශේෂ ස්ථාන සහ ඉංජි­නේ­රු­මය නිමැ­වුම් සොයා කඩු­ග­න්නාවේ සිට පාග­ම­නින් දුම්රිය මාර්ගය දිගේ යන සංචා­ර­යක් ඇසු­රෙන් සැක­සෙන ලිපි පෙළකි.

ඉහළ කෝට්ටේ දුම්රිය පොළ ආස­න්නයේ දකුණු දෙසට විහි­දුණු අතුරු දුම්රිය මාර්ග­යකි. එය හඳු­න්වන්නේ “පොත්තා­පි­ටිය සයි­ඩිම” කියාය.

පොත්තා­පි­ටිය සයි­ඩිමට එපි­ටින් වූ පොල් ගස දුම්රිය මඟ ජීවි­තය කර­ගත් එක් මිනි­ස­කුගේ මතක සල­කු­ණකි. 1880දී දුම්රිය මඟ අද්දර ඉහළ කෝට්ටේ ඉපිද, මීයන් ඇල්ල බිංගෙය කණි­න්නට සිය ශ්‍රමය කැප කළ, ඉන් අන­තු­රු­වද විශ්‍රාම යන තුරු දුම්රිය මඟෙහි නඩත්තු අංශයේ සේවය කළ එස්.පී. අප්පුවා නම් අයකු මිහි­දන් කළ තැන හඳු­නා­ග­න්නට සිටුවූ පොල්ගස අද අඩි විසි­ප­හක් තිහක් උසට වැවී තිබේ. ඔහු මිය­ගොස් ඇත්තේ 1974දීය. වම් පසින් ඇති කෙසෙල් ගස් සහිත ගොඩැල්ලේ නිද­න්නේද පෙට්‍රොල්මන්ව­ර­යෙකු ලෙස සේවය කර­මින් සිට මිය­ගිය ගල්ලෙනේ ගෙදර සමරා ය. පසු­ගිය ලිපියේ සඳ­හන් ව තිබූ “භූත-පෙට්‍රොල්” රාජ­කා­රිය ආරම්භ කර­න්නට මුල්වුණු සිද්ධි­යට මුහුණ දී ඇත්තේ ඔහුය. ඒ අනුව බලන කල මේ දුම්රිය මඟ දෙපස බොහෝ තැන්, දුම්රිය මඟ වෙනු­වෙන්ම ඉපදී ජීවත් වූ බොහෝ දෙනෙ­කුගේ නිජ­බිම් සහ සොහොන් බිම්ය. දින­පතා දුම්රිය භාවිත කරන දෙනෝ දහ­සක් මේ මඟ දිගේ සතු­ටින් ඉහළ පහළ යන්නේ ඔවුන්ගේ දහ­ඩිය, සුසුම් ගැන නොදැන හෝ නොසි­ත­මිනි.

“පොත්තා­පි­ටිය සයි­ඩිම” දැනට භාවි­ත­යට ගන්නේ මාර්ග නඩත්තු අංශයේ ට්‍රොලි සහ ඩක්කු නැවැ­ත්වීම සඳහා වුවද අතී­තයේ මේ සයි­ඩිම භාවිතා කර ඇත්තේ ඉහළ කෝට්ටෙන් ඉහළ කොට­සේදී තිරිංග ක්‍රියා විර­හිත වීම­කින් පසු රියැ­දුරු පාල­න­යෙන් ගිලි­හෙන දුම්රිය තව­දු­ර­ටත් පහ­ළට ඇදී යෑම වළකා අන­තුර අවම හානි­ය­කින් වළක්වා ගැනී­ම­ටය.

“ඉස්සර වාෂ්ප එන්ජින් කාලේ නිතර නිතර දුම්රිය වල තිරිංග වැඩ කරන්නේ නැතිව පහ­ළට ගහ­ගෙන එනවා. ඒක නිසා කෝච්චි­යක් උඩට යැව්වට පස්සේ පීල්ල සයි­ඩිම පැත්තට හැරෙන විදි­යට කැබින් එකෙන් ලීව­රය හදල තියෙ­නවා. ඒක වෙනස් කරන්නේ කෝච්චිය බලන පැන්නට පස්සේ තමයි. ගොඩක් වෙලා­වට ඊළඟ කෝච්චි­යට තමයි පීල්ල හදන්නේ.” අපට මඟ­පෙ­න්ව­න්නට පැමිණි 2014-15 සමයේ ඉහ­ළ­කෝට්ටේ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රයා වූ එච්.එම්. විජේ­සිරි මහතා “පොත්තා­පි­ටිය සයි­ඩිමේ” භාවි­තව පැහැ­දිලි කලේ එලෙ­සිනි.

ඈත අතී­තයේ පම­ණක් නොව මෑත ඩීසල් එන්ජින් යුග­යේද, කඩු­ග­න්නාවේ සිට පහ­ළට යන දුම්රි­යද, රඹු­ක්කන සිට ඉහ­ළට ගිය දුම්රි­යද අවස්ථා ගණ­නා­වක තිරිංග ක්‍රියා­වි­ර­හිත වීමෙන් මෙම මාර්ග කොට­සේදී අන­තු­රට ලක්වී තිබේ. කඩු­ග­න්නාවේ සිට පහ­ළට යමින් තිබූ භාණ්ඩ සහ තෙල් ප්‍රවා­හන දුම්රි­යක් එසේ තිරිංග ක්‍රියා විර­හිත වීමෙන් පසු ඉහළ කෝට්ටේ දුම්රි­ය­පොළ අස­ලදී පෙරළී ඇත්තේ 1999 වස­රේ­දීය. දුම්රි­ය­පොළ අස­ලම කුඩා තේ කඩ­යක් පව­ත්වා­ගෙන යන ආර්. ගීතානී රේණුකා මහ­ත්මිය මෙම දුම්රිය පෙර­ළෙන අන්දම සියැ­සින් දුටු අයෙකි. මේ ඇය එම අන­තුර ගැන කී කතා­වයි.

“මගේ පුතාලා ඒ කාලේ ඉස්කෝලේ ගියේ පිළි­ම­ත­ලා­වට. හවස ගෙදර එන්න කෝච්චි­යක් තියෙන්නේ හත­ර­හ­මා­රට. එත­කම් (කඩු­ග­න්නාව) ස්ටේෂ­මට වෙලා ඉන්නවා. ඔය අතරේ බැලස්ට් එකක්, තෙල් කෝච්චි­යක් ආවොත් නැගලා එනවා. මොකද මේ පාරේ කෝච්චිවල ඩ්‍රයි­වර්ලා, ගාඩ්ලා ගොඩක් වෙලා­වට අපිව දන්නවා. එදත් තෙල් කෝච්චි­යක් ඇවිත් කඩු­ග­න්නා­වට. ඩ්‍රයි­වර් කියල තියෙ­නවා පුතා­ලට “යන­කොට යමු” කියලා. ඒත් උඩ­හට ගිය හැටන් කෝච්චියේ මගේ මහ­ත්තයා ගියා කඩේට බඩු ගේන්න. එයා පුතා­ලට කෑම අරන් දෙන්න කඩේට එක්ක ගිහින්. ඒ අතරේ කෝච්චිය පල්ලම් බැහැල. බ්රේක් නැති වෙලා තියෙන්නේ සිංහ කට දිහාදි. බල­නින් මෙහාට පණි­විඩේ කියල තිබ්බා. ඒ කාලේ වැඩ­ක­රපු අබේ­නා­යක රාළ­හාමි කෑ ගැහුවා “බ්රේක් නැති කෝච්චි­යක් එනෝ. අයින් වෙන්න කියලා.” ස්ටාෆ් එකේ ඔක්කො­මලා ස්ටේෂ­මෙන් බැහැල අඩි පාර දිගේ පහ­ළට දිව්වා. කෝච්චි­යට යන්න හිටපු මිනිස්සු දෙතුන් දෙනාත් දිව්වා‍‍‍. පුතාලා ගැන මතක් වෙලා මම පාර අයි­නට දුවල කොස්ගහ ගාව බලා­ගෙන හිටියා.”

“ඉතින් පුතාලා නැඟලා නෑනේ.”

“පස්සෙනේ ඒක දන්නේ‍. ඒ කාලේ ෆෝන් නැහැනේ. විනාඩි දෙකක් ගියේ නෑ. හෝන් එක ඔබා­ගෙන කෝච්චිය එනවා උඩ පැන පැන. ඩ්‍රයි­ව­රුයි ඇසි­ස්ට­නුයි විදු­රුව ගාව බාර් එකක එල්ලිලා ඉන්නවා පෙනුණා. එන්ජිම ස්ටේෂම මැද හරි­යට එද්දි පිටි­පස්සේ පෙට්ටි වග­යක් පෙර­ළුණා ලාවට වගේ දැක්කා. දූවිලි වලා­ව­කුත් ගියා. ස්ටේෂම පාස් කරද්දි ඉතිරි වෙලා තිබුණේ එන්ජි­මයි තෙල් ටැංකි­යයි. අනෙක්වා ස්ටේෂම හරියේ පෙර­ළෙනවා පෙනුණා. බෝගහ හරි­යෙදි තෙල් ටැංකිය උඩ ගිහින් කැර­කැ­වුණා. ඒ ටික තමයි දැක්කේ. පස්සේ සෙන­ඟත් ආපහු ආව­හම - ගිහින් බලද්දි එන්ජිම සඟ­ර­ජ­ලෙ­නට උඩින් ඇල වෙලා නැව­තිලා තිබ්බා.”

මෙම අන­තුර මෙම මාර්ග කොටසේ සිදුවූ අන­තුරු වලින් සර­ලම අන­තු­රකි. කාර්ය මණ්ඩ­ල­යට සුළු තුවාල හරුණු විට දේපළ හානිවලින් පම­ණක් සම­න්විත වූ මෙම අන­තු­රට ලක්වූයේ මඟී දුම්රි­යක් නම් කතාවේ අව­සා­නය බොහෝ දුක්ඛ­දා­යක එකක් වන්නට ඉඩ තිබිණි.

ඉහළ කෝට්ටේ දුම්රි­ය­පොළ පසු­කර යන විට දකුණු පසින් ඇත්තේ විශාල බෝග­සකි. මේ බෝගස පසු කොට මද දුරක් පල්ලම් බසින විට දකුණු පසින් හමු­වන්නේ “සඟ­ර­ජ­ලෙන”ය. කොළඹ සිට දුම්රිය මගෙහි හරි­ය­ටම සැතැ­පුම් 59ක් දුරින් පිහිටි සඟ­ර­ජ­ලෙන ලාංකේය රාජ්‍ය­ත්වය සමඟ අතී­තයේ සිට බැඳුණු “කුම­න්ත්‍රණ” පිළි­බඳ තවත් එක කතා­වක නිහඬ සාක්ෂි­යකි.

“වර්ෂ 1707 - 1739 සමයේ මහ­නු­වර රජ­කම් කළ වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජුගේ හිත­ව­තකු නිසා රාජ්‍ය පාල­න­යට සම්බන්ධ වුණු දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදි­කා­රම ලෙව්කේ දිසා­වගේ කේළ­මක් නිසා, උල තියා මරා දම­න්නට රජ­තුමා නියෝග කර­නවා. පස්සේ රජ­තු­මාට ආරංචි වෙනවා සූරි­ය­ගොඩ උන්නා­න්සේගේ මෙහෙ­ය­වි­මෙන් ලෙව්ක් රාල කී කේළ­මක් නිසා දස්කොන් නිර­ප­රාදේ හිස ගසා මරා­දැමූ බව. ඒ ගැන උද­හස්ව සූරි­ය­ගොඩ හාමු­දු­රු­වන්ව හිස­ගසා මරා දමන රජ­තුමා, ලෙව්කේ­රා­ළව මාකෙ­හෙ­ල්වල ගමේ “පොල්ග­ස්ගො­ඩ­ගෙ­දර” හිර­ක­ර­නවා. සූරි­ය­ගොඩ විහා­රයේ සාමණේර­ව­රුත් සීසී­කඩ යනවා ඊට පස්සේ. වැලි­විට හාමු­දු­රුවෝ ඇවිත් නව­තින්නේ මෙන්න මේ ගල්ලෙනේ. ඒ දඬු­වම් ලබපු ලෙව්කේ රාළ ගෙන් බාලා­ව­තා­රය නම් වූ පාලි ව්‍යාක­රණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය කොටස ඉගෙන ගන්න හිතා­ගෙන. ලෙව්කේ රාළගේ පාලි දැනුම කෙත­රම්ද කිය­න­ව­ නම් ඔහුට ඒ කාලේ “විහාර රාළ­හාමි” කිය­ලත් කියල තියෙ­නවා.” යනු­වෙන් සඟ­ර­ජ­ලෙනේ වැද­ගත්කම පැහැ­දිලි කළේ ඉහළ කෝට්ටේ විහා­රයේ ප්‍රකට දාය­ක­යෙකු වන හැත්තෑ­හත් හැවි­රිදි ආර්.පී.ජී. පිය­දාස මහ­තාය. ඔහුද විශ්‍රා­මික දුම්රිය ස්ථානා­ධි­පති වර­යෙකි.

සඟ­ර­ජ­ලෙන පසු කර තවත් මීටර් සිය­යක් පමණ යන විට හමු­වන්නේ බිංගෙ­යකි. එය අංක 5A දරණ බිංගෙ­යයි. දුම්රිය ධාව­නය ඇරඹි 1867න් වසර හත­ළිස් පහ­කට පමණ පසු 1912 දී දෙවැනි අදි­ය­රේදී කණින ලද බිංගෙ­යක් වීම නිසා මෙම බිංගෙය අංක­නය වී ඇත්තේ ඉල­ක්ක­ම­කට අම­ත­රව ඉංග්‍රිසි A අකු­රක්ද එක් විමෙනි. අඩි 1364ක් දිගැති මෙම බිංගෙය ලංකාවේ දුම්රිය මාර්ග­වල හමු­වන බිංගෙ­වල් අත­රින් දෙවැ­නි­යට දිගම බිංගෙ­යයි. එය දෙවැනි වන්නේ හැටන්- කොට­ගල අතර හමු­වන සිංගි­මලේ බිංගෙ­ය­ටය. සිංගි­මලේ බිංගෙය දිඟින් අඩි 1865 කි. මෙම බිංගෙය කණින සමය වන විට දුම්රිය මාර්ග කම්ක­රු­වන් ලෙස සිංහ­ල­යින්ද එක්වී ඇති අතර මෙම බිංගෙය සඳහා සම්පූර්ණ ශ්‍රම දාය­ක­ත්වය ලබාදී ඇත්තේ දේශීය කම්ක­රු­වන්ය.

අව­දා­නම් මඟෙක මීටර් හාර­සි­ය­ය­ක­ටත් වඩා වැඩි දුරක් යා යුතු නිසා බිංගෙ­යට ඇතුළු වන්නට පෙර දුම්රිය කාල­ස­ට­හන ගැන දැනු­ව­ත්වීම වැද­ගත්ය. ඒ නිසාම අපි රඹු­ක්කන දුම්රිය පොළට ඇමැ­තු­මක් දී ආස­න්න­යෙන් දුම්රි­යක් නැති බව තහ­වුරු කර­ගෙන, විදුලි පන්දම්ද දල්වා­ගෙන බිංගෙ­යට ඇතුළු වූයෙමු. පෙර හමුවූ බිංගෙ­වල් සමඟ සැස­දී­මේදී ඉතා­මත් තෙත­බ­රිත දුම්රිය බිංගෙ­යක් ලෙස දැක්විය හැකි මෙම බිංගෙයි තෙත ගතිය ට හේතු වන්නේ, බිංගෙ­යට ඉහ­ළින් දිය ඇල්ලක් ගලා­යන නිසාය.

බිංගෙ­යට ඉහ­ළින් ගලන්නේ අල­ගල්ල කන්දේ පූජා­ගල නිම්න­යෙන් පහ­ළට ගලා­එන වළ­ගොඩ ඔයයි. එයින් උප­දින මීයන් ඇල්ල දිය ඇල්ල පැරණි දුම්රිය මඟ ඉදි­කි­රී­මේදී සෘජුව කඩා වැටී ඇත්තේ දුම්රිය මඟ මතට මය. ඒ නිසා සුදු ජාතික ඉංජි­නේ­රු­වන් විසින් ගල් තලාව මුදු­නේදී දිය ඇල්ල හරස් කර­මින් බැම්මක් බැඳ දිය ඇල්ලේ ගමන අඩාල කොට ඇත. එසේ අඩාළ කිරි­මෙන් අන­තු­රුව සිහින් දිය පහ­ර­වල් දෙකක් ලෙස ගල් තලාවේ දෙප­සින් කඩා හැලෙ­න්නට සලස්වා දුම්රිය මඟට අන­තු­රක් විම අවම කර­ග­න්නට උත්සාහ ගෙන ඇත. ඒ උත්සා­හය තර­මක් සාර්ථක වුවද එයින් අහිමි වී ගියේ “මීයන් ඇල්ලේ” අන­න්‍ය­තා­වයි. නොඑසේ නම් අඩි සිය­යක් පමණ උසැති මීයන් ඇල්ල ලාංෙක්ය දිය ඇළි නාමා­ව­ලි­යට එක්වී­මට වරම් ලබනු නොඅ­නු­මා­නය. සුද්දාගේ තීර­ණය නිසා වසරේ වැඩි කාල­යක් කෙසඟ කැහැටු දිය දහරා දෙකක් ලෙස ඇද හැලෙන මීය­න් ඇල්ල දිය ඇල්ලක් බවට නම් කිරීම සඳහා වන නිර්ණා­යක සපු­රන්නේ නැත.

බිංගෙයි තුළින් මීටර හැත්තෑ­ප­හක් පමණ දුරක් යන විට අත­ර­ම­ඟදී වම්පස බිත්ති­යෙන් දැකිය හැක්කේ කුහ­ර­යක් තනා ඇති ආකා­ර­යයි. අපට මඟ පෙන්ව­න්නට පැමිණි මාව­නැල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංව­ර්ධන නිල­ධාරී එච්. එම්. නිපුන ඉඳු­නිල් මහතා පැවැසූ පරිදි එය බිංගෙය කැණීමේදී ගල් ඉවත් කිරී­මට යොදා­ගත් යාන්ත්‍රික උප­ක්‍ර­ම­යක් වෙනු­වෙන් නිර්මා­ණය වූවකි. කුඩා පීලි මත ධාව­නය වූ ඩක්කු­ව­කින් මෙම බිංගෙය කැණි­මේදි එක්රැස් වන ගල් ඉව­ත්කර ඇති බව ඔහු විසින් අපට පැහැ­දිලි කර දුන්නේය.

“හොඳට අහ­ගෙන ඉන්න. ඇල්ලේ සද්දේ ඇහෙ­නවා.”

නිශ්ශබ්ද වන ලෙස සංඥා කර­මින් කුහ­රය ආස­න්න­යට ගිය, ඔහු අනු­ග­ම­නය කළ අපිද සිහින් දිය දහ­රා­වක හඬ ඇසු­වෙමු.

“ඒ තමයි මීයන් ඇල්ල”

‘සුද්දාට මීයන් ඇල්ල කියල කියා­ගන්න බෑ… ඒ නිසා සුද්දා මේකට කිව්වේ මීන්ගල්ල කියලා. මීය­න් ඇල්ල ගල්ත­ලාවේ L අකුරේ හැඩේට කට්ට­යක් කපලා ඒ දුර්ග මඟ දිගේ තමයි මුලින්ම කෝච්චිය නුව­රට ගියේ. මේ දුර්ග මඟට සුද්දා කිව්වේ “Meengalla Pass” කියලා. සුද්දට වැඩිය මීයන් ඇල්ලේ වටි­නා­කම තිබුණේ අපිට. සතර කෝරලේ, සත් කෝර­ල­යෙන් මායිම් වෙන පරණ කඩ­ඉම් ලකු­ණක් විදි­යට රජ­කාලේ ඉදලා මීයන් ඇල්ල භාවිත වෙලා තියෙ­නවා.” ඒ වග­තුග අපිට කීවේ බලන දී හමුවූ, මොර­ගොල්ල වසමේ ග්‍රාම නිල­ධාරී චින්තක සාරංග ධර්ම­ප්‍රිය මහ­තාය.

ඔහු උපුටා දැක්වූ පරිදි ඒ කඩ­ඉම් කවිය මෙබඳු ය.

“මීයන් ඇල්ල බලනේ කඩ­වත ඇතුලේ කඩු­ග­න්නාව පිට සේසත කෙටූ ගලේ

මාවෙල උඩු­පි­ටින් ලග­මු­වද පසු කලේ

මෙකි ලකුණු තුළ රට සතර කෝරළේ..”

කවියේ සඳ­හන් සීමා ගැන තොර­තුරු මත­ක­යට ගනි­මින් බිංගෙ­යින් එළි­යට පැමිණි අප දැන් සතර කෝර­ළය පැන සත් කෝර­ල­යට පිවිස සිටිමු. එහෙත් පැරණි දුම්රිය මඟ දිගේ පාග­ම­නින් ගොස් මීයන් ඇල්ල නැර­ඹිය යුතු නිසා යළිදු කෙටි වේලා­ව­කින් සත්කෝ­ර­ල­යෙන් සතර කෝර­ල­යට පිවි­සෙ­න්නට අපිට සිදු­වනු ඇත.

ස්තූතිය - අව­සර ගැනීම් සම්බ­න්ධී­ක­ර­ණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැ­දුරු සමන් ගුණ­ව­ර්ධන මහ­තාට, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ලන නිල­ධාරී (සම්බ­න්ධි­ක­රණ ලේකම්) විරාජ් නානා­ය­ක්කාර මහ­තාට, තොර­තුරු තහ­වුරු කර ගැනි­මට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධී­ක්ෂණ කළ­ම­නා­කරු ඇන්ටන් වික්‍ර­ම­රත්න මහ­තාට, නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කාරී කාර්යා­ල­යට සහ ගමන ගවේ­ෂණ කණ්ඩා­ය­මට

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ
ඡායා­රූප - චතුර හේමාල්
සිළුමිණ
සිත්මල් යාය

(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙනි)

Posted On Monday, 23 November 2020 11:00 Written by
2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසිික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව එළි කරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරොධී බවට තින්දු කර ඇති අතර එළි කරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු සිදු කර පුනස්ථාපනය කළ යුතු බවට ද නියෝග කර ඇත. අදාල පදිංචිකිරීම් නීතියට අනුකූල නොවන බවත්, යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කිරීමට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන් ඔවුනගේ පූර්ව වාසභූමිවල යළි පදිංචි කිරීමට ඇති හැකියාව සළකා පබැලිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ. ඊට අදාල වියදම් ඇස්තමේන්තුව සකස් කර ඒ සදහා කොපමණ මුදලක් වැය වන්නේ ද යන්න මෙම තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත. තවද අදාල මුදල බැර කළයුත්තේ කවර ගිනුමකටදැයි එ් සමගම රිෂාඩ් බදුර්දීන්ට දන්වා සිටින ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණ නියෝගයට අනුව රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා විසින් අදාල මුදල එම දැන්වීම ලැබී මාසයක් ඇතුළත - දෙන ලද ගිණුමේ තැන්පත් කළ යුතුව ඇත. හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගබ්කිකෝවෝ-නගිමාරස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයේදී කීර්තිමත් ශ්‍රී ලාංකේය විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි මහතා දැක්වූ අදහසත්, එප්පාවල නඩු තීන්දුවේදී කීර්තිමත් විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ මහතා ප්‍රකාශ කළ තීන්දුවත් තවත් පූර්ව නඩු තීන්දු ගණනාවකුත් මෙම තීන්දුව ලබාදීමේදී අභියාචනාධිකරණය සැළකිල්ලට ලක්කළ බව තීන්දුවේ සදහන් වේ. තවද බෞද්ධ දර්ශනයේ එන කූටදන්ත සූත්‍රයත්, හින්දු දර්ශනයේ එන භූමිකන්ද-පද්මපූරණයත්, ඉස්ලාම් දහමේහි කුරාණයේ සදහන් විශ්වය පිළිබද භාරකාරත්ව සංකල්පයත් ඇතුළු තවත් සංකල්ප සහ නිරීක්ෂණ ගණනාවකින් ද අභියාචනාධිකරණ තින්දුව සමන්විත වී තිබිනි. මෙම නඩුව ගොනු කොට කරුණු දක්වන ලද්දේ පරිසර යුක්ති කෙන්ද්‍රයේ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසිනි.
Posted On Monday, 16 November 2020 13:04 Written by

 

ලංකාවේ බෝතලේ වලව්වේ ඉපදී පොදු මහජනතාව අතර සමීප සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයටත් පෙරාතුව මීගමුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ දොන් ස්ටීවන් සේනානායක මහතාණන් හැම තැනකදීම කටයුතු කළේ තමන් පොළවේ පය ගසාගෙන සිටින තැනැත්තෙකු වශයෙනි. මෝදර සාන්ත තෝම්ස් කොලීජියෙන් හත පන්තිය සමත්ව ‘කැලේ පැන්නද’ ඔහුට කවර තරම් උගත්, උසස්, වැදගත් කෙනකු සමග වුවද එක සීරුවේම එක එල්ලේ ඉහළ ඉංග‍්‍රීසියෙන් වුවද කතා කිරීමේ හැකියාව තිබුණේය. එය ගමේ ගොඬේදී ගැමියකු සමග කතා කිරීමටද මෙන්ම එතුමනට අමුතු ආවේගයක් හෝ ආවේශයක් ගන්නට වුවමනා නොවූයේය. එහෙයින්ම කවර රජ සබයකදී වුවද මේ දොන්ස්ටීවන් සේනානායකයෝ සිය පෞරුෂයෙන් හා ප‍්‍රායෝගික අත්දැකීමෙන්ම මුල් තන්හිම වැජඹීමේ අවස්ථාව හිමිකර ගත්හ.

එතුමෝ තම පරම්පරාවෙන්ම ලද ආභාෂය අනුව සෙසු මනුෂ්‍යයන් විශ්වාස කිරීමට හුරු පුරුදුව සිටියේ තමන් මෙන්ම ඔවුන්ද තමන් මෙන්ම අවංක විය යුතුය. න්‍යායෙහි පිහිටා සිටය. එහෙයින්ම එතුමෝ තමන් තම රටට, ජාතියට ආදරය කරන්නාක් මෙන්ම මේ රටේ සිටින අන් ජාතික නායකයන්ද තම රටටත්, ජාතියටත් ආදරය ගෞරවය කරන බව දැන සිටියහ. එනිසාම අපේ රටට සුදු ජාතික ආණ්ඩුවෙන් නිදහසක් ලබාගත යුත්තේ සිංහල ජාතියක් උදෙසා පමණක් නොවන බවද දෙමළ ජාතිකයන් සඳහා පමණක් නොවන බවද, මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද අන් සුළු ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද මුල සිටම තේරුම් ගෙන සිටියහ.

අප නිදහසක් ලබාගත යුත්තේ මේ රටේ සිටින මේ රටේ ඉපදුණ සියලූම ජාතිකයන් වෙනුවෙන්ම බව මෙසේ කලින්ම තේරුම් ගත් එතුමෝ තමනට කොතරම් අවස්ථාව ලැබුණද පක්‍ෂයක් පිහිටුවා එහි නායකත්වයක් දරන්නට උත්සාහ නොකළහ. එවැනි අවස්ථාවන් කොතෙකුත් එළැඹියද එවන් කටයුත්තකට නොපෙළඹුණාහ.

එතුමෝ සියලූම ජාතික නායකයන් අගනුවරට කැඳවා දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කරවූවේ එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාගෙන් නියත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට හැකිකම. ලැබේය යන විශ්වාසය තහවුරු වීමෙන් පසුව ඒ සඳහා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව අනුවය.


මේ අනුව වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට්’ මන්දිරයට එක්රැුස් වූ රටේ විවිධ ජාතික නායකයන් එක්ව ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගෙන මේ වන විට හැට දෙවැනි වියේ සිටි ඞී. ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමන් පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්හ. මේ අවස්ථාවේදී වර්ෂ 1935 දී වේයන්ගොඩ රාජ්‍ය මන්ත‍්‍රීවරයා ලෙස සිටියදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද ‘සිංහල මහා සභාවේ’ ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක්ද මෙම පක්‍ෂයට එක්වූහ.

ඉන් අනතුරුව වර්ෂ 1947 තේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලද එක්සත් ජාතික පක්‍ෂය සෙසු පක්‍ෂ කීපයකම ජාතික නායකයන්ටද තැන දෙමින්ද ආණ්ඩුවක් පිහිටු වූහ. වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා එංගලන්තයේ රජු නියෝජනය කරමින් මෙහි පැමිණි එතුමාගේ බාල සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමාගේ ප‍්‍රධානත්වයෙන් අපට නිදහස ලැබීමේ උත්සවය පැවැත්විණි.

මේ වන විට ලෝකයටම බලපෑ දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද කෙළවර වී තිබුණු බැවින් වැඩි දෙනකුට ලෝක සාමය අත්දකින්නට ඉඩ සැලසී තිබිණි.

මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී එංගලන්තයේ බකිංහැම් මාලිගය මංගල්‍යශ‍්‍රීයෙන් ඉපිලී ගියේ ඔටුන්න හිමි එලිසබත් කුමාරිතොමෝ ග‍්‍රීසියේ පිලිප් කුමාරයා හා සමග සරණ බන්ධනය උදෙසා සූදානම් වීම නිසාය.

මෙම රාජකීය විවාහ මංගලෝත්සවය උදෙසා සිලෝන් රටේ - ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිතුමා සහ එම මැතිිනිියටද සුවිශේෂ ආරාධනයක් ලැබිණ. තමන් හා මැතිනිය මීට කලින්ද එංගලන්තයේ බකිංහැම් මාලිගයට හෝ හය වැනි ජෝර්ජ් මහ රජතුමා හා එලිසබත් මව් බිසව මෙන්ම ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වූ එලිසබත් හා මාග‍්‍රට් කුමාරියද දැක දැන හඳුනාගෙන තිබෙන නිසාමද මෙම ආරාධනය සුවිශේෂ ආරාධනයක් ලෙසද ගණන් ගැනිණ.

රාජකීය මංගල ගමනට ලක ලෑස්ති වූ ඞී. ඇස්. අගමැතිතුමා කල්පනා කළේ නව මනාල යුවළට කිසියම් මතක හිටින අන්දමේ දේශීය ලක්‍ෂණ විදහා පාන අන්දමේ තෑග්ගක් දිය යුතු බවය. ඒ ගැන කල්පනාකාරී වීමෙන් පසුව එතුමාගේ සිහියට ආවේ අපේ ඉපැරැණි කැටයමක් කළුවර ලීයෙන් කප්පවාගෙන එය තමන්ට අතේ ගෙන යන්නට කටයුතු යෙදිය යුතු බවය.

ඒ අනුව දොන් කරෝලිස් හේවාවිතාරණ සහ සමාගමේ ප‍්‍රධාන කැටයම් ශිල්පියකුට අරලියගහ වලව්වට පැමිණ තමන් හමුවන ලෙස සේනානායක අගමැතිතුමෝ පණිවුඩයක් යැවූහ.

අගමැතිතුමාගේ ආරාධනය අනුව දොන් කරෝලිස් පුත‍්‍ර සමාගමේ ප‍්‍රධානියකු වූ බී. කුමාරදාස පෙරේරා මහතා අරලියගහ මන්දිරයට ගොස් එතුමා හමුවූයේය. සාකච්ඡාව සාර්ථකව නිම කෙරිණි.

පැරැණි සිංහල කැටයම් කලාව මුර්තිමත් කෙරෙන අයුරින් කළුවර ලීයෙන් අඩි එකකුත් අඟල් අටක් දිගටත්, අඩියක් පළලටත් සිටින සේ ‘නව නාරි හස්ති කුංජරය’’ නම් කැටයම සම්පාදනය කිරීමට අණ කෙරිණි. තරුණ කාන්තාවන් නවදෙනකු විසින් ඇතෙකු නිර්මාණය කෙරෙන ලෙස පෙනී සිටීම මෙම සූක්ෂම කැටයම් නිර්මාණය මගින් විවරණය කෙරෙන හෙයින් එයින් මේ මංගල ජෝඩුවගේ මෙන්ම එහි පැමිණෙන සුවිශේෂ අමුත්තන් තුළ ද බලවත් හැඟීමක් මතු කරමින් තැබිය හැකි යැයි ගරු අගමැතිතුමෝ සිතා ගත්හ.

විශේෂයෙන්ම කුමාරදාස පෙරේරා මහතා විසින් ගෙනැවිත් තිබූ කැටයම් රූපසටහන් අනුව මෙම ‘නව නාරි හස්ති කුංජරය’ අගමැතිතුමාගේ සිත බලවත් ලෙස පැහැරගෙන තිබිණි. එහි කාන්තාවන් නවදෙනකුගෙන් හස්තියා නිර්මාණය වී තිබුණු බව පෙනිණි.

දින සතරකින් පසුව කුමාරදාස පෙරේරා මහතා විසින් අරලියගහ වලව්වට ගෙනැවිත් ඞී. ඇස්. සේනානායක අගමැතිතුමා වෙත එම කළුවර කැටයම දක්වාලන ලද අවස්ථාවේදී එතුමෝ එය සූක්‍ෂ්ම ලෙස කැටයම් කර තිබෙන අන්දම දැකබලා අතිශයින්ම සතුටට පත් වූහ. එහෙයින් එවේලේ එතුමා අතින් මුදල් ත්‍යාගයක් ද තවත් තෑගි කිහිපයක් ද කුමාරදාස මහතා වෙත පිරිනැමිණ. මොලී සේනානායක මැතිනියද මේ සුවිශේෂ කැටයම දැකබලා අතිශයින්ම සතුටට පත් වූවාය.

තමන් ඇතුළු ජාතික නායකයන් පිරිස දසක ගණනාවක් තිස්සේ දරන ලද ප‍්‍රයත්නයෙන් ජයග‍්‍රහණය ලබා රටට නිදහස ලබා ගැනීමෙන් පසුව මහ මැතිවරණයෙන් ලද ජය අනුව ආණ්ඩුවක් පිහිටුවා එහි අග‍්‍රාමාත්‍ය ධුරය තමනට ලබන්නට හැකිවීමත් සමගම මේ රාජකීය විවාහය උදෙසා ආරාධිත නිමන්ත‍්‍රණය ලැබීමද සේනානායක අගමැතිතුමන් සැලකුවේ මහත් වූ ගෞරවයක් හැටියටය.

තවත් යුරෝපීය කලිසම් කබා ඇඳුම අනුගමනය කළ නමුදු ඔවුන්ගේ පාලනයට නතුව ස්ව රට වෙනුවෙන් රටේ හැම ජාතිකයන් වෙනුවෙන්ම පූර්ණ නිදහස ලබාගත් නමුදු වාමාංශික විරුද්ධ පාක්‍ෂිකයන් කවදත් මෙම ජාති මාමක දේශ මාමක සේනානායක ජන නේතෘවරයාණන්ගේ ප‍්‍රයත්නය හෑල්ලූ කොට සලකන්නට හුරු පුරුදු වී සිටියහ. එහෙත් කවදත් විරුද්ධ පාක්‍ෂිකයන්ට ද ගරු කිරීමේ ප‍්‍රතිපත්තියක සිටි එතුමෝ ඒවා ගණනකට නොගෙන තම ප‍්‍රතිපත්ති රටට, ජාතියට මෙහෙය පිණිසම කි‍්‍රයාවෙහි යෙදවූහ.

කරුණු මෙසේ යෙදී තිබියදී සේනානායක අගමැතිතුමෝ තම මැතිනිය සමග එංගලන්තයට ගොස් එළිසබත් කුමාරියත් පිලිප් කුමාරයාගේත් විවාහ මංගල්‍යට සහභාගි වූහ.

එහිදී තමන් ලංකාවේ සිට සුරක්‍ෂිතව තම අතේම ගෙන ආ කළුවර ලීයේ කැටයම් කළ ‘නව නාරි හස්ති කුංජරය’ සුදුසු වේලාවක් බලා සේනානායක යුවළ විසින් නව යුවළ වෙත පිළිගන්වන ලදහ. කවර තරමේ කලබල මධ්‍යයේ වුවද ලංකා අගමැතිතුමාගේ මෙම අපූරු හෙළ කැටයම් තෑග්ගට රාජකීය මනාල යුවළගේම අවධානය යොමු වූ බව පෙනුණේය. එම කැටයම් එම අවස්ථාවේදීම මහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි එළිසබැත් මනාලිය මෙන්ම මේ අවස්ථාවේ එතුමියව හිමිකරගෙන සිටි පිලිප් කුමරා ද සේනානායක අගමැතිතුමාගෙන් මෙම සුවිශේෂ කැටයම පිළිබඳව තොරතුරු හාරා අවුස්සා ඇසූහ.

සේනානායක අගමැතිතුමාගෙන් එයට නියම ලෙස පිළිතුරු ලැබිණි. ඒ වන විටද තම පිය මහරජතුමාගෙන් ‘මහාමාන්‍ය’ නම් වූ එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ මණ්ඩලයේ සභික සම්මානය ද ලබා සිටි මේ සේනානායකයාණන් පිළිබඳව ප‍්‍රසාදයෙන් යුතුව කතාබහ කිරීමට මනාල යුවළම පෙළඹුණු බවද දක්නට ලැබිණී.

මෙම සිද්ධියේ අලගිය මුලගිය තැන්ද සොයා දැනගෙන මෙසේ පාඨකයන් වෙත ලියා දක්වන්නට අප අදහස් කළේ ඉන් දසක ගණනකට පසුව එම ත්‍යාගය පිළිබඳව තවත් තොරතුරක් ද දැනගන්නට අපට අවස්ථාව ලැබුණු නිසාය.

නවසිය අනූ ගණන්වල අග භාගයේ සිට අපට දැන හඳුනා ගන්නට ලැබුණු ආර්. ජී. සේනානායක මැතිනිය (එරින් සුබසිංහ සේනානායක මැතිනිය) ඇමැතිතුමාත් සමගම එක් කලෙක එංගලන්තයට ගිය අවස්ථාවක එහි ලංකා තානාපති මන්දිරයේ බිත්තියක මෙම ඓතිහාසික රාජකීය කැටයම් කුංජරය ගෞරවයෙන් යුතුව එල්ලා තිබෙනු දැක එහි තානාපතිවරයාටත් නිලධරයන්ටත් එහි ඉතිහාසය කියා පැහැදිලි කර දුන් අන්දම අප සමග පැවසුවාය. එහි සිටි පැරණි නිලධරයන් පවා එහි අතීත කතාව දැනගත්තේ එවිටය. එළිසබත් කුමරිය පසුව බි‍්‍රතාන්‍ය මහ රැජින වූවාට පසුව දිනෙක මේ රාජකීය කෘතිය වඩාත් සුදුසු ලංකා තානාපති මන්දිරයට බව පවසා එය වෙත ප‍්‍රදානය කර තිබිණි.

සමහර විට මේ දුර්ලභ ත්‍යාගය තවමත් එංගලන්තයේ ලංකා තානාපති මන්දිරයේ බිත්තියක රැඳී තිබෙන්නට ද පුළුවන.

සෝමසිරි කස්තුරිආරච්චි
-Divaina-

Posted On Friday, 13 November 2020 05:46 Written by

කැල­ණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංග­ලාව

* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටි­යලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙ­නවා

දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුග­යක් යැයි කීම වර­දක් නැත. හේතුව නම් ඔහු එදා නොසි­ටි­න්නට අද අප අපේ ආදි­වා­සීන් පිළි­බඳ විම­සි­ලි­මත් නොවනු ඇත. වෛද්‍ය­ව­ර­යකු වූ ස්පිට්ල් වෙද­ක­මට අම­ත­රව ප්‍රිය කළේ කැලෑ­වල ඇවි­දී­ම­ටය. වැද්දන් ඇසුරු කිරී­මට ය. ඔහු පිළි­බඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ විම­සන විට අපට හැම විටම සිහි­යට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදි­රි­පිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැ­රැණි නිව­සයි‍. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍ය­න්තර පාසල පව­ත්වා­ගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ කිසිම සෙවි­ල්ලක් බැලි­ල්ලක් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නොතිබූ මොහො­තක මා මිතු­රෙක් අපූරු ‍ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහ­ත්ත­යාගේ බංග­ලා­වක් තියෙ­න­වලු කිරි­බ­ත්ගොඩ මාකොළ දකුණේ.”

මිත්‍ර­යාගේ ඔත්තු­වට අනුව ස්පිටල් මහ­තාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉති­හා­සය පිළි­බඳ දන්නා වැඩි­හිටි කිහිප දෙනෙ­කු­ගෙන් ම මෙම බංග­ලාව පිළි­බ­ඳව විමසා බැලීමි. ඇසූ කිසි­වෙක් ඒ ගැන යමක් කිය­න්නට නොදැන සිටි­යහ. අව­සා­නයේ අපි කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ආචාර්ය දිය­මුල්ල මහතා ඇමැ­තු­වෙමු.

“මේක බොරු ගම­නක්ද? ඉකුත් ඉරිදා එම ස්ථාන­යට යන­තුරු ම සිතට වද­දුන් එකම ප්‍රශ්නය එය විය.

“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලය­නල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැ­ම්බර් මස නව වැනි­දාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙර­ටට පැමිණි ඕලන්ද රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­යෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්ත­ලම පාස­ල්වල ඉගෙ­නුම ලබා වය­සින් වැඩෙත්ම වැඩි­දුර ඉගෙ­නුම ලැබීම සඳහා කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඇතු­ළත් කෙරේ. රාජ­කීය විද්‍යා­ල­යෙන් ඉගෙ­නුම ලබා පසුව වෛද්‍ය පීඨ­යට ඇතු­ළ­ත්වන ස්පිට්ල් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා එංග­ල­න්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභා­ගය සමත් වන්නේ 1905 දී ය. එංග­ල­න්ත­යට ගොස් එෆ්.ආර්.සී.එස්. උපා­ධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකා­වට පැමි­ණෙන්නේ ය. බර්ගර් ජාති­ක­යකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංග­මයේ සභා­පති ධූරය ද උසු­ලනු ලබයි.

වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙකි.

ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්ක­මක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තා­වල සඳ­හන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළු­වන. වෛද්‍ය විද්‍යාව එත­රම් දියුණු නැති කාලය දැනට වසර එක­සිය හය­කට පමණ පෙර සර­නේ­ලිස් නම් 17 හැවි­රිදි තරු­ණ­යකු 1912 ඔක්තෝ­ම්බර් මාසයේ දිනෙක දකු­ණතේ ආබා­ධ­යක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රති­කාර කළ ද නිට්ටා­වට සුව­යක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නිය­මය වන්නේ අස්ථි­යක් බද්ධ කළ යුතු බව ය. මාස ගණ­න­කට පසු සර­නේ­ලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවු­රුදු 30 ක් ව‍ු මිනි­සකු රෝහ­ලට පැමි­ණෙන්නේ ඩයි­න­ම­යිට් පිපි­රී­මක් නිසා යළි යථා තත්ත්ව­යට ගත නොහැකි තර­මට හානි වූ අතක ආබා­ධ­යක් සහි­ත­වය. මේ වෙනු­වෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරී­මය.

මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීර­ණ­ය­කට ‍එන්නේ ය. එනම් ඩයි­න­ම­යිට් පිපි­රු­මෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබා­ගන්නා අස්ථි කොටස් සර­නේ­ලිස්ගේ අතට බද්ධ කිරී­ම­ටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණු­සුම් සේල­යින් වතුරේ බහා තබා සර­නේ­ලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයු­රින් සැත්කම සිදු කරන්නේ ය. සැත්ක­මෙන් මාස පහ­කට පමණ පසු සර­නේ­ලිස් ගමට යන්නේ ක්‍රියා­කාරී අතක් ද සහි­ත­වය. ඔහු තම සේවය උප­රිම කැප­වී­මෙන් කළ අයෙකි. නමුදු බාල­වියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවි­දී­මට ගැව­සී­මට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වා­ස­වන්ත වැඩි­හි­ටි­යෙකු සමඟ කැලේ බැලීම සඳහා පිට­ත්කර හැරු­මය.

වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැ­රියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේ­බැද්ද ආදී ප්‍රදේ­ශ­ව­ලට නිතර ගියේ ය. ඒ ගිය ගම­න්ව­ලදී වැද්දෝ ඔහු හා බොහෝ හිත­වත් වූයේ ය.

මීට වස­ර­කට දෙක­කට පෙර පොල්ලේ­බැ­ද්දට ගිය විටෙක එහි ආදි­වාසී නායක් හෝඹා ඇත්තන් අපට හමු­විය. ඔහු වයෝ­වෘ­ද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමු­වන විට හෝඹා කොලු ගැට­යෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහි­ක­රන විට ඔහුගේ දෑස කඳු­ළෙන් පිරුණි.

“සුදු හූරා අපට බොහෝම හිත­වත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කර­නවා. ඒ කාලේ හැම­තැ­නම මැලේ­රි­යාව. සුදු හූරා කත­මයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙද­ර­ටත් මං ගිහින් තියෙ­නවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞර­ව­යෙනි.

වෛද්‍ය විද්‍යා­වට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහි­ත්‍ය­යට යැයි විටෙක අපට සිතේ. ඒ සිතු­විල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තව­මත් අපේ මත­කයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කිය­වූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තව­මත් සුන්දර මත­ක­යකි. වන­යේදී හමු­වන සුදු­ගෝනා දෙවන රාජ­සිංහ රජුගේ යුග­යට සම්බන්ධ අපූරු කතා­වකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරු­ණයා කැලයේ අත­රමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තව­මත් සැරි­ස­රන අදත් රස­වි­ඳින කතා­වකි. සුදු ගෝනා පම­ණක් නොව, මැකී ගිය දඩමං, වන­ස­රණ ආදී වශ­යෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහ­ල­යට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මත­ක­යන් අලු­ත්ව­න්නට වූයේ කිරි­බ­ත්ගොඩ මාකොළ ස්පිට්ල් බංග­ලා­වට යන ගම­නේදී ය. ස්පිට්ල් පිළි­බඳ තොර­තුරු සොයන විට ඔහු පිළි­බඳ කියවූ ලිපි­ය­ක­වත් මෙම නිවෙස ගැන සඳ­හ­නක් හමු­වූයේ නැත. තොර­තුරු තිබුණේ කොළඹ ගුවන් විදු­ලිය ඉදි­රි­පිට ඇති ‘විචර්ලි’ බංග­ලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගම­නින් පලක් වේද? සිත ඇත්තේ දෙගි­ඩි­යා­වකි.‍

“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැර­ණිම ළිඳ. මොන හේතු­ව­කට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේ­සි­ය­කින්. මම පරණ පත්තිරු සෙව්වා. එත­කොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයි­තිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එත­කොට අර පේන අධි­වේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්‍. අපේ ගෙව­ල්ව­ලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇව­නිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංග­ලාව තියෙන්නේ‍. ඉස්සර මේක ගන කැලෑ­වක් ලු.”

ආචාර්ය දිය­මුල්ල අපට තොර­තුරු කිය­න්නට විය.

ඉස්සර මෙය ගන කැලෑ­වක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංග­ලා­වට දැයි මට එක්ව­රම සිහි­විය. අක්කර පන­හක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්ත­රයේ නිවා­සය. ඒ අතර පැරණි මෝස්ත­රයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳු­ළකි‍.

මේ එක්තරා යුග­යක් නියෝ­ජ­නය කරන පුරා වස්තු­වක් නොවේද? මේ නිවෙස වසර සිය­ය­කට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය‍. නිවෙස ආස­න්න­යට යාමට අසීරු ය. ‍ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තව­මත් ආද­රය කරන අස­ල්වැ­සි­යකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.

“මම පොඩි කාලේ ඉඳ­ලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතු­ටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංග­ලාව සංර­ක්ෂ­ණය කර­නවා නම් තමයි හොඳ? මේ බංග­ලාව දකින කොට මට හිතෙ­නවා ස්පිට්ල් මහ­ත්තයා මේ ගෙදර ඉඳ­ගෙන තමයි සුදු­ගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැ­සුවේ ගරා වැටුණ නිවෙස පෙන්ව­මිනි.

වසර ගණ­නා­වක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංග­ලා­වට මේ වන­විට අයි­ති­ක­රු­වන් කිහිප දෙනෙ­කුම ඇතැයි යන්න වට­පි­ටින් ලැබුණ තොර­තුරු ය. අප එහි ගියේ ඒ පිළි­බඳ සොයා බල­න්නට නොවේ. එනිසා වසර ගණ­නා­වක් තිස්සේ මෙම බංග­ලාව බලා­ගන්නා අය හමු­වීමු.”

ඔහු සිය නම ගම කිය­න්නට මෙන් ම ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි­න්නට ද අදි­මදි කළේ ය.

“මම ස්පිට්ල් මහ­ත්ත­යාගේ පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් හරි ලස්ස­නයි. ඉස්සෙ­ල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එත­කොට එතැ­නින් වැටු­පක් ගත්තා. ඊට පස්සේ මං වැටු­පක් ගත්තේ නෑ කාගෙ­න්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැ­නට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකු­ණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කිය­නවා. ඉස්සර ස්පිට්ල් මහ­ත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කර­ගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩ­මක. ගෙයි කාමර හත­රක් තියෙ­නවා‍. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උය­නවා.‍ අහල පහල මිනිස්සු නම් කිය­නවා මේ ගෙදර භූත බල­වේග තියෙ­නවා කියලා. මටත් වෙලා­ව­කට එහෙම කියලා හිතෙ­නවා. ඒත් මං ‍ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුර­කරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැ­හෙ­මින් පව­සන්නේ ය.

නිවෙස ඇතු­ළට යාමට කොතෙක් ඇහු­වද ඔහු­ගෙන් ඊට අව­සර නොලැ­බිණි. ඒ ඇතුළේ සිටිනා බල්ල­න්ගෙන් අපට අන­තු­රක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහ­ලක් මෙන් යැයි සිතිය හැකි අයු­රින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංග­ලාවේ මුළු­තැ­න්ගෙය ඇත්තේ වෙන­මය. බරා­දය සහිත ඉස්තෝ­ප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.

දැන් මෙහි අයි­ති­කරු යැයි කියන සුබ­සිංහ මහ­තාට අපි දුර­ක­ථ­න­යෙන් ඇම­තු­වෙමු.

“මගේ තාත්තා බොහෝම හොඳ ගනු­දෙනු කරු­වෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහ­ත්ත­යාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකු­ණලා තිබුණේ.” ඒ සුබ­සිංහ පුත්‍රයා අපට පැවසූ තොර­තුරු ය.

වෛද්‍ය ස්පිට්ල් යනු මෙර­ට‍ ­එ­ක්තරා යුග­යකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් විය­දම් කර­ගෙන කැලෑවේ ‍ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරි­ස­ර­යට ආද­රය කළ පරි­ස­ර­වේ­දි­යෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභා­වික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශ­නා­වක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශ­න­යයි. මේ දේශ­නය අසා සිටි අග­මැති ඩී.ඇස්. සේනා­නා­යක මහතා තුරු­ලතා හා වන සත්ව ආර­ක්ෂක ප්‍රඥ­ප්තිය සකස් කිරී­මට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොර­තු­රු­වල සඳ­හන් වේ.

වන සත්ව දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටී­මට ද, විල්පත්තු අභ­ය­භූ­මිය ඇති­වී­මට ද වෛද්‍ය ස්පිට්ල් මහ­තාගේ මැදි­හ­ත්වීම තිබූ බව එම යුගයේ ලියැ­වුණ ලිපි­වල සඳ­හන්වේ. ‘ලෝරින්’ නමින් පරි­සර සඟ­රා­වක් ද ස්පිට්ල් මහතා එළි­දක්වා ඇත.

ස්පිට්ල් බංග­ලාව දෑස් ඉදි­රි­පිට ම ගරා වැටෙ­මින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණ­නක් පැරණි මේ නිවෙ­සට හිමි­කම් කියන ස්පිට්ල් පර­පුරේ කිසි­වෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙන­වාද? නැති­නම් සුර­කි­න­වාද?

(විශේෂ ස්තූතිය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාරිණි චන්දිමා නිශ්ශංක මහ­ත්මි­යට.)

ඉනෝකා සම­ර­වි­ක්‍රම සිළුමිණ පුවත්පතේ 
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායා­රූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙන්)

Posted On Sunday, 08 November 2020 02:23 Written by

 

 

 

ලෝකයේ වයස්ගතම නායකයන් දෙපොලක් තර`ග කරන ලද ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත්වන විට මෑත භාගය තුළ එරට වයස්ගතම පාලකයා බලයට පත් වනු ඇත. ඇමරිකානුවෝ අවස්ථා සොයා ගොස් අලූත් රටක් හදාගත් පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථීක ක්‍රමය හ`දුන්වා දුන්හ. අලූතින් හැදෙන තාක්ෂණික යුගයේ ඇමරිකාවේ ස්වභාවය කෙබ`දු විය හැකිද යන්න අධ්‍යයනය කළ යුතුය. ජෝ බයිඩන් ගේ නායකත්වය ගෝලීයකරණයේ අද පවතින ව්‍යුහයට ගෙන එන උත්තරය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තිබේ. බලපෑම හා බලහත්කාරය ගැන විරසකයක් ද ඇත. එහෙත් මෙරට අපනයන ආර්ථීකයේ සෑහෙන පංගුකාරීත්වයක් උසුලයි. සීතල යුද්ධයට පසු වකවානුවේ ලෝකයේ බලවතා බවට පත්වන්නේ ඇමරිකාවයි. එහෙත් අද ස්වභාවය වෙනස්ය. සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර තිබුණ බලකාමීත්වය අද වෙනස් තැනකට පැමිණ ඇති අතර ඇමරිකා චීන දැවැන්තයන් අතර බල අරගලයක් තෙක් විහි දී තිබේ. මතුපිටින් අරගලයක ලකුණු පෙන්නුම් කරන නමුත් මෙම රටවල් දෙකටම එකිනෙකා ගේ සහාය අවශ්‍යය. බලවතුන් අතර එක`ගතා ඇතිවිය හැකි අලූත් අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම නිර්මාණය කරගත යුතු එකකි.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ලැඛෙන අනාවරණ

ලෝකය තළ මෙතෙක් තිබුණ යුදකාමී සහ වෙළ`ද පොල අත්පත් කරගැනීමේ තර`ගය අභිබවා කොවිඩ් වසංගතයෙන් ගැලවෙන උවමනාව ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකාව දෛනිකව ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට බවට පත්ව ඇත. වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වු බවට නිල වශයෙන් කියැවෙන පළමු රෝගියා ගේ සිට චීනය තද නිරෝධායන පාලනයක් ගෙන ගියේය. සමහර සිද්ධි පිටතට වාර්තා නොවන බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන නමුත් චීනය සාර්ථකව යම් පාලයකට ගමන් කර තිබේ. වසංගත තත්ත්වය මැද ඇමරිකානු ජනාධිපතිවරණය අවසන් විය. ලෝකය කළඹන ලද ට්‍රම්ප් පරාජය වූ නමුත් ඔහු අවසන් මොහොත දක්වා පරාජය භාර ගැනීමට සූදානමක් නැති බව පෙනේ. වැඩිම ඡන්ද සංඛ්‍යාව වශයෙන් පමණක් නොව වැඩිම ඉලෙක්ටෝරියල් කොලේජ් ප්‍රමාණයක් ද දිනා ගනිමින් බැරැක් ඔබාමා පාලනයේ දී උප ජනාධිපතිධුරය හෙබැවූ ජෝ බයිඩන්, ඩිමෝක්‍රටික් පක්ෂ යේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත.

ජෝෂප් රොබිනේට් බයිඩන් 1972 වසරේ සිට ඇමරිකානු සෙනෙට් සභිකයෙකි. එකල හෙතෙම එරට ඉතිහාසයේ ලාබාලතම සෙනෙට් සභික ලැයිස්තුවේ හයවැනියාගේ තැන සිටියේය. වයස්ගතම පළමු පුරවැසියාගේ තනතුරට පත්වන අවස්ථාව වන විට ලෝකයේ පවතින සියළු හැල හැප්පීම් ගැන මනා පරිචයක බව නිසැකය. ඔහු ගේ ප්‍රතිපත්ති මිශ්‍ර ස්වභාවයක් ගනී. ගල්ෆ් යුද්ධයට විරුද්ධ විය. පසුව ඉරාකයට එරෙහිව සම්බාධක පනවන විට සහාය දුන්නේය. මත් ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය වෙනුවෙන් අණ පණත් පනවන අවස්ථාවේ පෙනී සිටියේය. හෙතෙම සිවිල් නිදහස ගරු කරන නායකයෙකු වශයෙන් ප්‍රකටය. ඔබාමා පාලන කාලයේ දී එරට අය වැය පාලනය සම්බන්ධයෙන් විනයක් ඇති කරන්නට උත්සාහ කළේය. පුරවැසියන්ගෙන් අය කරන ආදායම් බදු අඩු කරන නව අණ පනත් සම්මත කරන්නට සම්බන්ධ වී ඇත. ඔබාමා ජනාධිපතිවරයා විසින් සිට සගයාට නිදහස වෙනුවෙන් පුරවැසි සම්මානය 2017 වසරේ දී පිරිනැමීය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැමිණි අතර බයිඩන් ගේ ජය වෙනුවෙන් පෙනී සිටියේය.

බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවේ දී

ජනාධිපතිවරණ වේදිකාවේ දී ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාටම චීනය බලවත් සාධකයක් විය. ට්‍රම්ප් කියා සිටියේ ලෝකයේ තැනින් තැන රදවා ඇති සේනාංක අඩු කරන නමුත් යුද වියදම් කපා හරින්නේ නැති බවය. චීනයේ අපනයන වලට පනවන ලද බදු කිසිසේත් අඩු නොකරන බව ප්‍රකාශ කළේය. එහෙත් ජෝ බයිඩන් ජාත්‍යන්තරය සමග හදාගත් ගැටුම් සියල්ල නැවත හදා ගන්නා බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකානු තර`ගකාරී රටවල් සමග සම්බන්ධතා තරකරගන්නා අතර චීන වෙළ`දාමට අහිතකර සේ පනවා ඇති බදු වෙනස් කරන බව දැක්වීය. චීනය නොසැලකිය යුතු රටක් නොවන අතර සියලූම අන්තර් ජාතික සම්බන්ධතා සම්බන්ධයෙන් වගවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ස`දහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පාලන කාලය තුළ සම්මතය අභිබවා තනි පැවැත්මකට ගියේය. හිතුවක්කාර තීරණ තමන්ගේ ට්ටිටර් ගිණුමෙන් හෙළිදරව් කරන ලද අතර සමීප පුද්ගලයන් පවා දැන සිටියේ නැත. ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය සමග ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියට එ`ක`ග වීම සිදුවිය හැකිය. ට්‍රම්ප් ගේ තීරණයක් පරිදි කාලගුණ විපත් වලකන සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වූ අතර නිල වශයෙන් එය සිදුවෙන්නේ නොවැම්බර් 04 වන දා සිටය. පැරිස් සම්මුතියට ලෝකයේ සෑම රටක්ම අත්සන් තබා ඇති අතර ඇමරිකාව නැවත ඇතුළුවුවහොත් එය බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්ය අතර එකක් විය හැකිය. අනෙක ලබන වසරේ ජුලි 21 වැනි දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ට්‍රම්ප් කරන ලද දැනුම් දීමය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ්ක්‍රියා කලාපය කමකට නැති බව කියා සිටි ට්‍රම්ප් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ගෙවන ආධාර නතර කරන බව දැනුම් දුන්නේය. ජාත්‍යන්තරය සමග තිබුණ ගැටුම් පිලිසකර කරන බයිඩන්ගේ ලැයිස්තුවට එය ද ඇතුලත්විය හැකිය.

ඉරානය ට පනවා ඇති න්‍යශ්ඨික බලය භාවිතා කිරීමේ වාරණය හා සම්බාධක ගැන සාකච්ඡා කරන්නට සුදානම් බව බයිඩන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අනාවරණය කළ තවත් කරුණකි. එය තවත් ව්‍යුහාත්මක වෙනස්කමකි. මේවා සමග මතුවන ලෝක චිත්‍රය අතිශය සංකීර්ණ මුහුණුවරක් ගනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සහ ඩයස්පෝරාවේ හැසිරීම

ට්‍රම්ප් තද ජාතිකවාදී ස්වරෑපයක ක්‍රියා කළේය. ඔහු ජය අත්පත් කරගත්තේ රට තුළ දුප්පත් ජනතාවට කරන ලද ආමන්ත්‍රණය සමගය. එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ වූ ආකාරය අනුව ඔහු සිය ඡන්ද දායකයෝ වෙත නිසි සැලකිලක් දක්වා නැත. පදනම දියැවී ගියේය. ජෝ බයිඩන් උරුමක්කාර පුරවැසියන් පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඇති අන්‍ය සම්භවයක් සහිත පිරිසට ද අත දිගු කර තිබේ. ඔහු ගේ උප ජනාධිපතිවරිය එයට එක සාධකයකි. උප ජනාධිපතිනිය වශයෙන් පත්වන කමලා හැරිස් ගේ හස්තය බලවත්ය. ඇය ගේ පියා ජැමෙයිකානු නමුත් මව ඉන්දියානු සම්භවයක් සහිතය. චෙන්නයි ප්‍රාන්තයට ඥාතිත්වයක් ඇති ඇයගේ මව වෙනුවෙන් ඉන්දියානුවෝ ඇතැමෙකු ගේ සහාය තිබුණ අතර සමහර කෝවිල්වල පොල් ගසන ලද බැතිමත්හු කමලා හැරිස්ට ජය අත්පත්කරගෙන දෙන සේ ප්‍රාර්ථනා කරන ලද බව ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත වාර්තා කර තිබුණි. කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් නියෝජිතවරියක වශයෙන් 2017 වසරේ සිට ක්‍රියා කරන්නීය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ලිබරල් අදහස් සහිත පාලනයකට අන්තවාදී මතධාරීහු ඇමරිකාව තල්ලූ කර තිබේ. ශ්‍රී ලාකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව ද එහි එක කොටසක් බව අමතක කළ යුතු නැත. බයිඩන් හා කමලා හැරිස් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එයින් අනතුරුව හැරෙන දිසාව ගැන කල්පනා කළ යුතුය.

ස්විට්සරලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව ශ්‍රී ලංකාව එහි සම කොටස්කරුවන් බවට පත්විය. අවසානයේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවෙන් ඉවත් වන බව දන්වා තිබේ. ඇමරිකාව එම යෝජනාවේ දී පාර්ශවකරුවෙකි. එම යෝජනාව මෙරටට බලපාන වැදගත් සන්ධිස්ථානයකි. කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව දැඩි තීන්දු තීරණ ගත හැකි එකක් නොවන නමුත් එය රටට සන්ධිස්ථානයකි. යෝජනාව සමග ජාත්‍යන්තර බලවතුන්ට ප්‍රවේශවීමේ දොරටුවක් විවර විය. නමුත් ට්‍රම්ප් පාලනය එය ගැන දක්වන ලද උනන්දුව සීමා සහිතය. වසර දහයකට පසු පවා, ශ්‍රි ලංකාවේ ජනවර්ග අතර ප්‍රශ්නයක් ඇතැයි ලෝක බලවතුන් අතර මතයක් තිබේ. දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු එයට මූලික වූ ජන කොට්ඨාශයට සාධාරණ විස`දුමක් හිමි විය යුතු බව ඔවුන්ගේ අදහසයි. සත්‍ය කොමිසම, වන්දි ගෙවන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබුණ න්‍යාය පත්‍රය තද කරන්නට අලූත් ඇමරිකාව උත්සාහ කරන්නේ ද යන්න අවධානයට ගැනීම සුදුසුය. එය කෙලින්ම කරන පීඩනයක් නොවිය හැකි අතර ඇමරිකාවට සම්බන්ධ රටවල් ලවා කරන බලකිරීමක් විය හැකිය. එයට කලින් රටට ගත හැකි තීරණ තිබේ.

ඇමරිකානු ආධාර වැඩ පිලිවෙල ගැන තීරණයක්

ජනාධිපතිවරණයට කලින් මෙරට පැමිණි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ස`දහනක් ද අමතක කළ යුතු නැත. දෙරට අතර ආයෝජන හා ආධාර වැඩ පිලිවෙල සම්බන්ධව විවෘත දොරටුවක් ඇති බව හෙතෙම ඉ`ගි කළේය. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අදහසක් අනුව දියුණුවෙමින් පවතින රටවලට පමණක් හිමිවන මිලෙනියම් වැලෙන්ජ් අරමුදලේ සහාය මෙරටට හිමිවිය. ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයකි. එය පිටුපස ඇති යෝජනා බව හුවා දක්වමින් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී මෙරට දේශපාලන පක්ෂ මිලෙනියම් චැලෙන්ජ් ආධාර වැඩ සටහනට එරෙහි විය. පසුව ස්වාධීන කමිටුවක් පත් කළ අතර එම කමිටුව පවා ආධාර නොගන්නා ස්ථාවරයකට රට තල්ලූ කර තිබේ. ඇමරිකානු රාජ්‍ය නායකයෝ වෙනස් වූ පමණින් ප්‍රතිපත්ති වලට එපමණ බලපෑමක් නොවේ. නැවත වතාවකින් හො`ද හිත ඉදිරියට ගෙන යන්නට කෙලින්ම අදහසක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. චීනයේ ආධාර වැඩ පිලිවෙල සහ ඇමරිකාවෙන් භාර නොගැනීම ගැන පවතින ගැටළුව සංකීර්ණ තත්ත්ව මතු කරන්නට ඉඩ තිබේ.

ඇමරිකන් ආධාර ප්‍රතික්ෂේප කරන එරට අදහස් හෙලා දකින ශ්‍රී ලංකාව ඇ`ගළුම් අපනයනය ඇතුළු අංශ වල දී ඇමරිකාවේ සහාය අපේක්ෂා කරයි. දැනටමත් වැඩිම ඇ`ගළුම් ප්‍රමාණයක් එනම් මෙරට ඇ`ගළුම් අපනයන වලින් සියයට තිස් පහක් ඇමරිකාවට අපනයනය කෙරේ. වියට්නාමය, බංගලා දේශය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ඇ`ගළුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තර`ගකරුවන්ය. මෙම රටවලට ඉදිරියෙන් ඇමරිකාවේ අලූත් පාලනය සමග සබ`දතා පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය යුතු බව පෙනේ. වඩා සමීප කරගතහොත් නරක පමණක් නොව වඩා විමර්ෂණශීලීව සබ`දතා තරකරගතහොත් අවස්ථාවක් ද උදා කරගත හැකිවනු ඇත. මෙරට දේශපාලනයේ අන්තවාදී ආකල්පවල පරස්පරතා දෙරට අතර පවතින බැ`දීම අවසානයේ දී තීරණය කරනු ඇති බව නිසැකය.

 

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.

Posted On Saturday, 07 November 2020 18:35 Written by

 

වීදි ආහාරවල අතීතයට කිමිදීම සුවඳින් පිරි රාජකාරියකි. වර්තමාන 'ස්ට්‍රීට් ෆුඩ්' සංස්කෘතිය එදිනෙදා ජීවිතාංගයක් තරමට සමීප වී ඇති විට ලේයරයෙන්, ලේයරය ගලවා අතීතයට බැසීම ඇත්තෙන්ම සුවඳ විහිඳුවන ක්‍රියා පටිපාටියකි. වසර දහසකට එහා අතීතයේ ග්‍රීසියේ වීදිවල පුලුස්සන ලද මාංශ විකිණීමෙන් වීදි ආහාර සම්ප්‍රදාය ඇ‍රැඹියා යැයි සැලැකේ. පුරාතන ග්‍රීසියේ දුප්පතුන් අතර මේ වීදි ආහාර අතිශය ජනප්‍රියව පැවැතියේ යැයි සඳහන්ය. උදුනක් හෝ ලිපක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොමැති, නිවාස නොමැති මිනිසුන් අතර මේ වීදි ආහාර ජනප්‍රියව පැවැතියේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් විය යුතුය. පුරාතන චීනයේ වීදි ආහාරවල ඉලක්ක වෙළෙඳපොළ වී තිබී ඇත්තේ දුප්පත් මිනිසුන්ය. එහෙත් පෝසතුන් පවා තමන්ගේ අතවැසියන් වීදි වෙතට යවා ආහාර මිල දී ගෙන තමන්ගේ සුව පහසු නිවාස ඇතුළට වැදී රස බලා ඇත. ඒ තමන්ට අහිමි දුප්පතුන්ට හිමි විශේෂ විනෝදය කුමක්දැයි පරික්ෂා කර බැලීමට විය යුතුය. පුරාතන චීනයේද වීදි ආහාර යනු අතිශය ජනප්‍රිය සංස්කෘතිකාංගයකි.

වීදි ආහාර දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැතියකි. පැරීසියේ කුඩා කරත්තවල සහ කූඩාරම්වල පටවාගත් පේස්ට්‍රි වර්ග විකුණූ ඉතිහාසය පිළිබඳ කළු-සුදු පින්තූර සමඟ අතීතය පිවිසෙන්නට ඔබට ඉඩ ඇත. මේ පැරීසියේ පේස්ට්‍රි වර්ගවල පිරවුම් ද නූතන ඉවුම් පිහුම් වැඩකරුවන් අන්ද මන්ද කරවන සුලු ඒවාය. මාංශ සේම එළවළුද සමෝසමේ දමමින් සකසා ඇති පේස්ට්‍රි ඉතා සුළු මුදලකට මිල කර තිබී ඇත. විශේෂයෙන්ම කය වෙහෙසමින් වැඩ කරන කම්කරුවන් තමන්ගේ දෛනික වේතනයෙන් යම් මුදලක් වැයකොට මේවායෙන් ආහාර මිලදීගෙන ඇත. සුප්‍රකට '‍ෆිෂ් ඇන්ඩ් චිප්ස්' ආහාර සංකලනයත් මෙකල අතිශය ජනප්‍රිය වූවකි.

පුවත්පතක ඔතන ලද රස වෑහෙන පුලුස්සන ලද මාළු සහ පිලිස්සූ අර්තාපල් තීරු එකල වෙනත් රස තීරුවක් වෙන් කරවාගෙන සිටින්නට ඇත. පුලුස්සන ලද මාළු ඉපැ‍රැණි ඊජිප්තු වැසියන්ගේත් ප්‍රියතම ආහාරයක් වී තිබී ඇත. එතැනින් උතුරු අප්‍රිකාවටත්, ස්පාඤඤයටත් බෝ වුණ මාළු පිලිස්සුම් ක්‍රම ක්‍රමිකව වෙනත් රාජ්‍ය කරාද වෙනස් මාදිලිවලින් ව්‍යාප්ත වන්නට ඇත.

නාගරීකරණය හේතුවෙන් වීදි ආහාරවල මූලික වෙළෙඳපොළ සහ අරමුණ වෙනස් වී ඇත. එක්තරා කාලයක තම නිවෙසේ උදුනක් නැති නිසා දුප්පතුන් මිලදී ගත් වීදි ආහාරම තවත් කාලයක අධික කාර්යබහුලත්වය නිසා පෝසත් පුද්ගලයන් අතට විතැන් වී ඇත. ක්‍රම ක්‍රමයෙන් වීදි ආහාර ක්ෂණික ආහාර බවට රූපාන්තරණය වීම කලින් කියූ නාගරීකරණයේ එක් නරක ප්‍රතිඵලයකි. ‍රැකියාවෙන් ගෙනෙන වෙහෙස, ගමන් වෙහෙස ආදී දහසක් කාරණා මැද නිවසේ ආහාර ඉවීමෙන් ඈත් වීමට පොදු තීරණයක් ගත් මේ නාගරික ජනයා පිසූ ආහාර මිලදී ගැනීමේ සංස්කෘතිය වෙත නොදැනුවත්වම සංක්‍රමණය වන්නට වූහ.

පිසූ ආහාර අතරත් ක්ෂණික ආහාර ‍රැල්ලක් ලෝකය පුරා හමා යන්නට වූයෙන් ශරීරයට අහිතකර ආහාර බොහොමයක් සමාජගත වන්නට විය. මේ හරහා අධික ස්ථූලතාවයෙන් පටන් ගත් රෝග ‍රැල්ලක් ද ලෝකය පුරා හමා ගිය බව කිසිවකුට අමතක කළ නොහැකිය.

රස නහර පිනවන, දිව පුලුස්සන රස සහිත ක්ෂණික ආහාර සමඟ කෙටි ආහාර පුරුදු ද ඉන් පසුව බෝ වන්නට විය. මේ බොහෝ දේ වෙළෙඳ උපක්‍රම මිස ඉල්ලුම සහ සැපයුම ඉ‍ටු කිරීමක්ද නොවේ. මේ බහුතරයක් වීදි ආහාරවල මිල ගණන් වෙනත් ආපනශාලාවලට වඩා අඩු වීමද අනෙක් විශේෂ කාරණයයි. ඉන්දියානුවන්ද මෙකී වීදි ආහාර සංස්කෘතියට වෙනත් රසකින් දායක වු තවත් රටකි. තල්ලු කරගෙන යන කරත්තවලින් ඇ‍රැඹුණු ඉන්දීය වීදි ආහාර සංස්කෘතියේ ජනප්‍රිය අංග රාශියකි. බටහිර බහුතර ආහාර වර්ග ඉන්දියානු ක්‍රමයට යහමින් මසාලා දමමින් සැකසීම හේතුවෙන් ඔවුන් නොමැකෙන සටහනක් තබා ඇත.
ඔවුන්ගේ ආහාර සංස්කෘතිය ඇතුළත ඇති අන් තැනක නැති අපූර්වත්වය ඊට හේතු වන්නට ඇත. එබැවින් වීදි ආහාර ඉතිහාසය සේම එහි වර්තමානයත්, අතීතයත් ගැන කතා කරන විට අපට ඉන්දියාව අතහැරිය නොහැකිය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2012දී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියානුවන් බිලියන 2.5ක් දෛනිකව වීදි ආහාර අනුභව කරයි. මේ වාර්තා තරමක් පුදුමය ඇති කරවන සුලුය. වසරක් පාසා දිල්ලියේ පැවැත්වෙන වීදි ආහාර උළෙල මේ සඳහා හොඳම උදාහරණයකි.

කෙසේ නමුත් මෙතුවක් කාලයක් රට රටවල වීදි ආහාර සංස්කෘතියක් නොනැසී පවතින්නේත්, වැඩී වර්ධනය වන්නේත් නොනවත්වාම ඒ ආහාර මිලදී ගත් මිනිසුන් හේතුවෙනි. ඔවුන් නොදැනුවත්ව සෑම රටකම වීදි ආහාර සංස්කෘතියට වැඩෙන්නට පොහොර සපයා ඇත. වීදි ආහාර යනු සෑම රටකම මිනිසුන්ගේ ආහාර ‍තෝරා ගැනීමේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස හඳුන්වා දුන හොත් එහි කිසිදු වරදක් නැත.

 

කාංචනා අමිලානි
-Dinamina-

Posted On Wednesday, 04 November 2020 17:07 Written by



වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු, දේශපාලන ක්‍රියාකාරියෙකු, පක්‌ෂ නායකයෙකු (National Socialist Worker's Party), ග්‍රන්ථ කතුවරයෙකු ( Mein Kamp - My Struggle), හිටපු ජර්මානු අගමැතිවරයෙකු. හිටපු ජර්මානු චාන්සලර්වරයෙකු හා හිටපු ආඥාදායකයෙකු වූ ඇඩොල්ෆ් හිට්‌ලර් ගේ ( Adolf Hitler 1889 - 1945 ) -සුපිරිසිදු ආර්ය මනෝරාජ්‍යය මුළුමහත් යුරෝපය පුරාම යථාර්ථයක්‌ බවට පත් කරනු පිණිස නාසි ( Nazi ) හමුදාව විසින් 1938 මාර්තු මස 12 වැනි දින ඕස්‌ටි්‍රයාව (Austria) ආක්‍රමණය කිරීමත් සමග නිල වශයෙන් ඇරඹි දෙවැනි ලෝක යුද්ධය (Second World War 1938 - 1945 ) 1945 මැයි මස 08 වැනි දින නිල වශයෙන් නිමාවට පත්වූයේ ලෝක ඉතිහාසයට තවත් එක්‌ මහා මානව ෙ€දවාචකයක්‌ එක්‌ කරමිනි. එක මිනිසෙකු ගේ නොසිඳුණු බල තණ්‌හාව නිසා ඇතිවුණු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දෙවැනි ලෝක යුද්ධය ඇති විය. මෙමගින් අකාලයේ විනාශ වූ මිනිස්‌ ජීවිත සංඛ්‍යාව අතිවිශාල ය. මෙය දළ වශයෙන් කිවහොත් අකාලේ විනාශ වූ මිනිස්‌ ජීවිත සංඛ්‍යාව මිලියන පනහකට (මිලියන 50,000,000 ) ආසන්න බව කියෑවේ. තවත් මිලියන ගණනාවක්‌ සදාකල් ආබාධිතයන් බවට පත්විය. එසේම මතු අනාගතයේ දී ඉපදෙන්න තිබුණු ජීවිත තවත් මිලියන ගණනාවක්‌ මෙලොව එළිය දකින්නටත් පෙරාතුව අකාලයේ විනාශය ට පත් විය. එපමණක්‌ ද නොව, විනාශ වුණු දේපල වල පාඩුව මෙතැකැයි කියා ගණන් බැලිය නොහැකි තරම් ය.

"නූතන මානව ඉතිහාසයේ ඉතා අඳුරු යුගයක්‌" (The Darkst Era in Modern Human History) නිර්මාණය කිරීමට මාවත විවර කර එයට නායකත්වය දුන් හිටලර් ගේ ජීවිතයේ අවසානය කොතැන දී කෙසේ සිදු වූවා දැයි යන්න තවමත් මුළු ලොවට ම ප්‍රශ්නයකි. එසේම අභිරහසකි. ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර රාශියකි. ඒ පිළිබඳව පර්යේෂණය කොට රචිත ග්‍රන්ථ ද රාශියකි. ඒ අතුරෙන් වඩාත් ම පර්යේෂණාත්මක ශාස්‌ත්‍රීය ග්‍රන්ථය වශයෙන් පිළිගැනෙන්නේ හිටපු ලෝප්‍රකට ඉතිහාසඥයකු වූ මහාචාර්ය හිHq ට්‍රේ‍රවෝර් රෝපර් ( Hugh Trevor- Roper) විසින් රචිත The Last Days of Hitler - 1947 නම් වූ ග්‍රන්ථය යි. මෙම ලිපිය රචනා වනුයේ එම මාහැඟි ග්‍රන්ථය ඇසුරු කර ගනිමිනි.

ඇඩොල්ෆ් හිට්‌ලර් ගේ සමීපතම සේවකයකු ගේ පාපොච්ඡාරණය

එය වූ කලී 1945 අප්‍රේල් මස 30 වැනි දිනය. එදින හරියටම ප.ව. 4.00 වන්නට විනාඩි 10 ක්‌ පමණ තිබිය දී ක්‍ෂණිකව බංකරය තුළින් ඇසුණු වෙඩි හඬකින් මා තිගැස්‌සීයත්ම, මගේ නාසය වෙඩි බෙහෙත් ගඳින් නැහැවිණි. එනම්, ඒ නායකතුමා ( එනම් ජර්මන් භාෂාවෙන් Fuehrere. - කර්තෘ ) වන හිට්‌ලර් සියදිවි නසාගෙන විය යුතුය. එවිට මා සිටගෙන සිටියේ බර්ලින් අගනුවර චාන්සලර් මන්දිරය පිහිටි භුමියෙහි විශේෂයෙන් ඉදිකර තිබුණු අධි ආරක්‍ෂිත බංකරයෙහි වූ සිතියම් කාමරයේ දොරටුව අසලය.

ඒ වන විටත් ළඟ ළඟින්ම, එනම් යාර 1500 ක්‌ පමණ වූ දුරකින් ඇසුණු සෝවියට්‌ රුසියානු රතු හමුදා ( Soviet Russian Red Army) සේනාංක විසින් තොරතෝංචියක්‌ නැතිව එල්ල කරන ලද මැෂින් තුවක්‌කු හා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් නැගුණු ගිඟුම් හඬින් බංකරයෙහි වූ නිහඬතාව වරින් වර බිඳී ගියේය. මට සිතීමට තරම් කාලයක්‌ නොවීය. සිත දැඩි කරගත් මම සැණෙකින් සිතියම් කාමරය තුළට දිව ගියෙමි. එවිට මගේ දෙනෙත මානයේ දර්ශනය වූයේ කිසිවිටෙකත් අදහාගත නොහැකි වූ දර්ශනයකි.

එනම් එහි වූ සෝපානයක්‌ මත විවේකීව හිඳගෙන සිටින්නා මෙන් වූ නායකතුමා ගේ ප්‍රාණය නිරුද්ධ වූ අප්‍රාණික සිරුරයි. මළ සිරුරේ නළලේ දකුණු පසින් කුඩා සිදුරකින් උණුසුම් ලේ ධාරාවක්‌ එක්‌ කම්මුලක්‌ දිගේ රූරා ගලා හැළෙමින් තිබුණි. ඔහුගේ දෙපා මුල කුඩා රිවොල්වරයක්‌ විය. ඊට යාබදව තවත් රිවෝල්වරයක්‌ ද බිම වැටි තිබුණි.

නායකතුමා ගේ මළ සිරුර පිටුපසින් වූයේ ඊට විනාඩි කීපයකට පමණ පෙරදී සියදිවි නසාගන්නට ඇතැයි කියා විශ්වාස කළ හැකි නායකතුමා ගේ පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් ගේ ( Eva Braun 1912-1945) මළ සිරුරයි. ඇය සුවසේ නිදා සිටින්නාක්‌ සේය. ඊවා සියදිවි නසා ගන්නට ඇත්තේ උග්‍ර විෂ සහිත පෙත්තක්‌ (මෙය උග්‍ර විස සහිත සයනයිට්‌ පෙත්තක්‌ විය හැකිය. - කර්තෘ) ගිල දැමිමෙන් යෑයි කියා විශ්වාස කළ හැකිය.

නායකතුමා සියදිවි නසාගන්නට පෙර තම ප්‍රියතම සුනඛයා වූ බොලොන්ඩ් (Blondi) නම් වූ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ බැල්ලියට ද වස දි මරා තිබුණු අතර බංකරයෙහි ඇති දැඩි කළ තවත් ඉහත කී වර්ගයේම බල්ලන් දෙදෙනකුට ද වස දී මරා දමා තිබුණි. මෙම සිද්ධිදාමයෙන් හරියටම දින පහකට පමණ පෙර එනම්, 1945 අප්‍රේaල් මස 25 වැනි දින නායකතුමා මාව කිසියම් කටයුත්තක්‌ සඳහා සිතියම් කාමරය (මෙම සිතියම් කාමරය මීට මාසයකට පමණ පෙර සිට නායකතුමා විසින් තම කාර්යාල කාමරය වශයෙන් භාවිත කළේය.) වෙත කැඳවීය. සිතියම් කාමරය ට යාබදව වූයේ නායකතුමා ගේ යහන් කාමරය හා ඊවා මෙනවිය ගේ යහන් කාමරය යි. මෙම කාමර දෙකටම මඳක්‌ ඉදිරියෙන් වූයේ මගේ කාමරය යි.

මා සිතියම් කාමරය වෙත යන විට නායකතුමා ඉතා හැඟුම්බර මුහුණෙන් යුතුව පිළියමක්‌ මෙන් හිටගෙන සිටියේය. එතුමා තම කටහඬ අවධි කොට මා විසින් නුදුරු දිනයකදී විශේෂ නියෝගයක්‌ ක්‍රියාත්මක කළ යුතු බව දන්වා සිටියේය. එනම්, ඒ නුදුරු දිනයකදී තමා ඊවා සමගින් සියදිවි නසාගන්නට යන බවත් ඉන් ඉක්‌බිතිව මළ සිරුර දෙක කිසිවෙකුටවත් හඳුනාගත නොහැකි වන පරිදි පුළුස්‌සා දැමිය යුතු බවත් ය.

තවදුරටත් කතා කළ නායකතුමා සිතියම් කාමරයේ වූ සියලුම ලිපි ලේඛන හා තමාගේ සියලුම ඇඳුම් පැළදුම් පුළුස්‌සා දැමිය යුතු බවත් එක්‌ දෙයක්‌ පමණක්‌ පුළුස්‌සා නොදැමිය යුතු බවත් තරයේ කියා සිටියේය. එනම්, ඒ නායකතුමා ගේ ලියන මේසය එපිටින් වූq බිත්තියේ ඉහළ එල්ලා තිබුණු 1 වැනි විලියම් පෙඩ්රික්‌ රජුගේ ( William Federick 1713-1740 ) පින්තුරය යි.

(නායකතුමා බර්ලින් අගනුවරින් කිසි විටෙකත් පලා නොයන බවත් එතුමාගේ අභිප්‍රාය වනුයේ බර්ලින් අගනුවරදීම මිය යැමට බවත් මම මුල සිටම දැන සිටියෙමි.)

නායකතුමාගේ ජීවිතයේ අවසාන මොහොත උදාවන්නට පෙර ගෙවී ගිය ඒ දස දින තුළ බංකරයෙහි නායකතුමා ගේ පෞද්ගලික ජීවිතය හා බැදුණු සුවිශේෂ උත්සව දෙකක්‌ පැවැත්විණි. එනම්, ඒ 1945 අප්‍රේල් මස 20 වැනි දින නායකතුමා ගේ පනස්‌හය වැනි ( 56 ) උපන් දිනය ( එනම් 1889.04.20/ 1945.04.20 ) සමරනු පිණිස පවත්වන ලද උපන් දින උත්සවය යි. 1945 අප්‍රේල් මස 29 වැනි දින බංකරයෙහි පවත්වන ලද්දේ නායකතුමා ගේ හා එතුමා ගේ පෙම්වතිය වූ ඊවා අතර වූq නිත්‍යානුකුල විවාහ මංගල්‍යය වෙනුවෙන් පවත්වන ලද උත්සවය යි. මෙම විවාහ මංගල්‍යය උත්සවය නායකතුමා විසින් එදින රාත්‍රියේ පවත්වන ලද්දේ තම පෙම්වතිය ගේ බලවත් ආශාව මුදුන්පත් කරනු පිණිස ය. මක්‌නිසාදයත් ඒ ඊවා සියදිවි නසා ගැනීමට මොහොතකට හෝ කලින් නායකතුමා ගේ නීsත්‍යානුකුල බිරිඳ වීමට මහත් සේ ආශාවක්‌ දැක්‌ වූ බැවිනි. (එදින රාත්‍රියේ බංකරය තුළ පවත්වන ලද මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් සාක්‍ෂිකරුවන් වශයෙන් අත්සන් කරන ලද්දේ නාසි ජර්මනියේ උප අගමැතිවරයා වූ මාර්ටින් බෝර්මන් (Martin Bormann) නාසි ජර්මනියේ ප්‍රචාරක අමාත්‍යවරයා වූ ආචාර්ය ජෝශප් ගොබෙල්ස්‌ (Dr.Joseph Goebles 1897 - 1945 ) ය.

නායකතුමා ගේ මළ සිරුර පොරෝනයකින් ඔතාගත් මම බංකරය තුළ නායකතුමා ගේ ආරක්‌ෂාව සඳහා සිටි භටයන් (විශේෂ හමුදා සේනාංකය වූ කලී, ඇඩොල්ෆ් හිට්‌ලර් විසින් තම විශේෂ කටයුතු සඳහා ද, සුවිශේෂී පුද්ගලයන් පැහැර ගැනීම සඳහා ද, යුදෙව් වධක කඳවුරුවල සේවය කිරීම සඳහා ද එමෙන්ම සමූහ මිනිස්‌ ඝාතන සඳහා ද භාවිතා කරන ලද විශේෂ හමුදා ඒකකයකි. - කර්තෘ) දෙදෙනෙකු ගේ උදව්වෙන් එය ඔසවාගෙන එළියට ගියෙමි. ඊවා ගේ මළ සිරුර තවත් නිලධාරියෙකු විසින් ඔසවාගෙන එළියට රැගෙන යන ලදී. නායකතුමා සම්පුර්ණ නිල ඇදුමින් සැරසී සිටි අතර ඊවා සුදු පැහැති තිත් වැටුණු නිල් පැහැති ගවුමකින් සැරසි සිටියාය. ඇය ගේ අතෙ හි වූයේ නායකතුමා විසින් ඇයට තෑග්ගක්‌ වශයෙන් පිරිනමන ලද දියමන්ති ඔබ්බවන ලද ෆ්ලැටිනම් අත් ඔරලෝසුව යි.

සෝවියට්‌ රුසියානු රතු හමුදා සේනාංක විසින් දිගින් දිගටම එල්ල කරන ලද මැෂින් තුවක්‌කු හා ෂෙල් වෙඩි ප්‍රහාර දැන් බර්ලින් අගනුවර සීමාවට ආසන්නවම ඇසෙන්නට වූයෙන් නායකතුමා මට දුන් නියෝගය දැන් මවිසින් නොපමාව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

මෙම විශේෂ කාර්යය වෙනුවෙන්ම සුදානම් කරන ලද පෙට්‌රල් කෑන් කීපයක්‌ම මවිසින් මළ සිරුර මතට වත්කරන ලදී. ඉන් ඉක්‌බිතිව ගිනි තබන ලද අතර ඉන් මහා ගිනි ජාලාවක්‌ බුර බුරා අහසට නැගුණි. එහෙත් ස්‌වල්ප වේලාවකින් ඒ මහා ගිනි ජාලාව ක්‍රමක්‍රමයෙන් නිවී යන්නට ද විය. නායකතුමා ගේ නියෝගය වූයේ තමා ගේ හා ඊවා ගේ මළ සිරුරු මුළුමනින්ම දවා අළු කළ යුතුය යන්න යි. මෙම පෙට්‍රල් කෑන් කීපයෙන් මළ සිරුර දවාලීමෙන් ඉක්‌බිතිව වූවද නායකතුමා හා එතුමා ගේ මනාලිය යමෙකුට හඳුනා ගැනීමට එතරම් අපහසු නොවීය. අපට තවත් කළ හැකි කිසිවක්‌ ඉතුරු නොවීය.

දින කිහිපයකින් සෝවියට්‌ රුසියානු රතු හමුදා සේනාංකයක්‌ විසින් මා අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් ඉක්‌බිතිව සිරගත කරන ලද මගෙන් ඔවුන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න කිරිම වූයේ නායකතුමා ගේ මළ සිරුර වළ දමන ලද ස්‌ථානය පිළිබදවය. මා සිතු එම ස්‌ථානය වෙත මවිසින් ඔවූන් කැදවාගෙන යන ලදි. එම ස්‌ථානය පෙන්වීමෙන් වූවද ඔවුනට එතැන පිළිබදව කිසිදු විශ්වාසයක්‌ නොවීය. තවත් අවුරුදු කිහිපයක්‌ ගතවන තුරුම ඒ පිළිබඳව ඔවුන් මගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එයින් ගම්‍ය වනුයේ සෝවියට්‌ රුසියනු රතු හමුදාවට තවමත් මළ සිරුරු වළ දමන ලද ස්‌ථානය සොයා ගැනිමට නොහැකි වු බවයි. මගේ විශ්වාසය වනුයේ බර්ලින් අගනුවර චාන්සලර් මන්දිරය පිහිටි භුමියෙහි කොතැනක හෝ භටයන් විසින්ම එම මළ සිරුර වළ දමා ඇති බවයි. එනමුත් එය මගේ විශ්වාසයක්‌ පමණි. ඇතැම්විට නායකතුමා හා එතුමා ගේ මනාලිය වූ ඊවා බ්‍රෝන් අවට තැණුනු සමූහ මිනීවළක්‌ තුළ සාමදානයෙන් සැතපී සිටිනවා විය හැකියි.

ඇඩොල්ෆ් හිටලර් විසින් දෙවැනි ලෝක යුද්ධයේ දී ආක්‍රමණය කොට මුළුමනින්ම යටත් කරගන්නා ලද රටවල් පිළිවෙලින් මෙසේ ය.

'This is the last territorial demand I have to make in Europe... I further assured him (Chamberlain) and I repeat here that if this problem is solved there will be no further territorial problems in Europe for Germany'

Hitler, Speech at the Sportspalast, Berlin, September 26, 1938



විශේෂ සටහන

මෙම පාපොච්චාරණය වූ කලී ඇඩොල් හිට්‌ලර් ගේ විවාදාත්මක මරණය පිළිබඳව මෙතෙක්‌ හමු වී ඇති වඩාත්ම විශ්වාසනීය හා සත්‍යය සාක්‍ෂිය බව නූතන ඉතිහාසඥයන් ගේ හා යුද විශ්ලේෂකයන් ගේ මතයයි. එපමණක්‌ ද නොව හිට්‌ලර් ගේ ජීවිතය හා සම්බන්ධව මෙතෙක්‌ රචනා කර ඇති බොහෝමයක්‌ චරිතාපදානයන්හි ද නිර්මාණය වී ඇති වෘත්තාන්ත චිත්‍රපටි හා වාර්තා චිත්‍රපටියන්හි ද අවසානය සනිටුහන් වන්නේ මෙම පාපොච්චාරණය පදනම්ව, එනම් හිට්‌ලර් තමාගේ අධි ආරක්‍ෂිත බංකරය තුළදී සියදිවි නසාගත්තා යන්න තවදුරටත් සනාථ කරමිනි.

එසේම මවිසින් මෙම ලිපිය රචනා කිරීමට පෙර ඇඩෝල්ෆ් හිට්‌ලර් ගේ ජීවිතය හා සම්බන්ධව රචිත මගේ පෞද්ගලික පුස්‌තකාලයෙහි වූ මුල්පෙළේ කෘතීන් කිහිපයක්‌ ද මගේ පෞද්ගලික චිත්‍රපට එකතුවෙහි වූ විශිෂ්ටගණයේ වෘත්තාන්ත චිත්‍රපට කිහිපයක්‌ හා වාර්තා චිත්‍රපටි කිහිපයක්‌ ද ආශ්‍රය මිශ්‍රය කරන ලදී. පාඨක ඔබගේ වැඩිදුර පරිශිලනය පිණිස ඒවා පිළිවෙලින් මෙසේ දක්‌වමි.

ඇතිපොළ මංගල හිමි
-Divaina-


ග්‍රන්ථ

1. Adolf Hitler - By James Bunting -1980

2. Adolf Hitler - By Laurence Rees - 2012

3. Hitler - By Norman Stone - 1977

4. Hitler - The Man and the Miltary Leader - Percy Ernst Schramm - 1982

වෘත්තාන්ත චිත්‍රපටි

1. Downfall - 2004

2. Hitler - The Rise of Evil - 2003

වාර්තා චිත්‍රපට

1. Hitler in Caeer -1976

2. Hitler in Colour - 2005

3. World at War - 1973

4. World war II in Colour - 2010

Posted On Wednesday, 04 November 2020 08:01 Written by

 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

බොහෝ දෙනා නොදන්නා නමුත් වරකා යනු සුව කිරීමට නොහැකි රෝගී තත්ත්වයන් කිහිපයක්ම සමනය කිරීමට හැකියාවක් ඇති පලතුරකි. බොහෝ දෙනා හරිහැටි නොහඳුනන වරකාවල ගුණාත්මක භාවය මෙන්ම එහි ඇති ඖෂධීය වැදගත්කම පිළිබඳ සැකසෙන මෙම ලිපිය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියැවේ.

ඈත අතීතයේ සිටම කොස් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ‍පොදුවේ සියලු දෙනාම ප්‍රිය කළ ආහාරයකි. මෙය ඈත අතීතයේ සිටම බත් සඳහා විකල්පයක් ලෙස භාවිත කළ බැවින් බත් ගස ලෙසින් ලාංකේය සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ආහාරයකි. ව්‍යංජනයක් ලෙස මෙන්ම තම්බා ආහාරයට ගත හැකි කොස් ඉඳුන පසු රසවත් පලතුරකි. ඉඳුණු කොස් ගෙඩියේ මෘදු මදුලු සහිත වර්ගය වැල වශයෙන්ද මදක් ඝනකමින් වැඩි මදුලු සහිත ප්‍රභේදය වරකා වශයෙන් අප හඳුන්වයි.

එමෙන්ම වැල යනු කොස්ගසෙහි ස්ත්‍රී ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් වරකා යනු පුරුෂ ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් ජනප්‍රවාදයේ පැවැසේ.


වැල සහ වරකා රසයෙන්, සුවඳෙන් හා ස්වභාවයෙන් වෙනස්ය. එහෙත් ‍පෝෂණ ගුණයෙන් මේ දෙවර්ගය එක සමාන වේ. කොස් වාතය ප්‍රකෝප කරන ආහාරයක් වශයෙන් ප්‍රකට වුවද වැල සහ වරකා වාතය හා පිත සමනය කිරීමට සමත් ආහාරයකි. එහෙත් සවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීම නුසුදුසුය.

ඒ බැව් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ප්‍රචලිතය. එයට හේතුවන්නේ හවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීමෙන් එමගින් ඒවා අජීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩිවීමය. එබැවින් වැල සහ වරකා ආහාරයට ගැනීමට සුදුසු වන්නේ දහවල් කාලයේදීය. එලෙස ආහාරයට ගැනීමේදී එයට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එක් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එමගින් උදරාබාධ ඇතිවීමෙන් වැළකිය හැකිය.

වරකා බංගල්දේශයේ ජාතික පලතුර ලෙස නම්කර ඇත. තන්තු බහුල ආහාරයක් වන ‍පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, ඛනිජ ලබන, විටමින් බි, විටමින් ඒ සහ විටමින් ඕ6 වැනි ‍පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් ‍පොහොසත් පලතුරකි. එමෙන්ම විටමින් ඕ සංකීර්ණයේ ‍පෝෂ්‍යපදාර්ථ බොහොමයක් අඩංගු පලතුරකි.

වරකා මදුලු කෝප්පයක් ගත හොත් එහි කැලරි 155 ක් පමණ ප්‍රමාණයක් ඇත. එමෙන්ම වරකා වල සුක්රේස්, ෆ්රුක්ටෝස්, ග්ලූකොස් යන සීනි වර්ගයන් අඩංගුය.

පුද්ගලයකුට ෙදෙනික අවශ්‍ය විටමින් අවශ්‍යතාවයෙන් 25 ක් හා 11 තන්තු ප්‍රමාණයක් වරකා මදුලු කෝප්පයක අඩංගුය. එබැවින් වරකා ‍පෝෂණ ද්‍රව්‍ය වලින් අනූන ආහාරයකි.

විශේෂයෙන්ම වරකා සම්බන්ධයෙන් මෑතකදී කරනලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ වරකා
පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති පලතුරක් වන බවයි. විශේෂයෙන්ම අන්ත්‍රවල ඇති වන පිළිකා මර්දනයට සමත් ආහාරයක් ලෙස ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

වරකා තුළ පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති විශේෂ සංයෝග කිහිපයක් අඩංගුය. අයිසෝප්‍ලේවින්ස් ලිග්නැන්ස් නමැති ප්‍රතිපිළිකා සංයෝග වලින් අනූන වරකා ආහාරයට ගැනීම මගින් පිළිකා වලට (විශේෂයෙන් අන්ත්‍රවලට) එරෙහිව ක්‍රියාත්මක විය හැකි බව සොයාගෙන ඇත.


එමෙන්ම වරකාවල අඩංගු සැ‍පොනින් නම් සංයෝගය මගින් පිළිකා ෙසෙලවල බන්ධනයක් ඇති කර එම ෙසෙල වර්ධනය අඩාල කරගත හැකි බව වරකා සම්බන්ධයෙන් කරන ලද නව්‍යතම විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමෙන්ම වරකාවල අඩංගු සැ‍පොනින් සංයෝගය නිසා ලියුකේමියා ෙසෙල සමග යම් ආකාරයකට සටන් කිරීමට හැකියාවක් ද ඇති බව සොයාගෙන ඇත.

වරකා ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් කාන්තාවන්ගේ සෞඛ්‍යයට ලැබෙන බවද මෑතකදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන තිබිම විශේෂත්වයකි. මේ හෙයින් වරකා කාන්තාවන්ගේ සෞඛ්‍යයට ඉතා ප්‍රතිඵලදායි ‍පෝෂ්‍යදායී ආහාරයකි. වරකා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග මගින් ‍පොදුවේ සියලුම පිළිකාවලට එරෙහිව සටන් කිරීමට හැකියාවක්ද ඇති බව විද්‍යාත්මකව කරන ලද පර්යේෂණවලදී සොයාගෙන ඇත.

වරකා ආහාරයට ගැනීමෙන් ආමාශය මහබඩවැල්, කුඩා බඩවැල් වැනි ඉන්ද්‍රියයන්හි වියළි ස්වභාවය අඩුකර තෙත් ස්වභාවයක් ඇති කර එම ඉන්ද්‍රියයන් පිරිසිදු කිරීමේ හැකියාවද ඇතිවේ. වරකා මදුලු වල ඇති තන්තු බහුල බව නිසා මල බද්ධය නැති කර මල පිටවීම හොඳින් සිදු කර ගැනීමට හැකිවේ. ශරීරය ශක්තිමත් වීමට අක්මාව ශක්තිමත්වීමට හා හමේ පැහැපත් බවක් ඇති කර ගැනීමට මෙන්ම කිරිමව්වරුන්ගේ කිරි පිරිසිදු කර ගැනීමට මතක ශක්තිය හා ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ.

ගැබිනි සමයේ වරකා ආහාරයට ගැනීමෙන් දරු ප්‍රසූතිය පහසුවන අතර දරුවන් නොමැතිව පීඩාවට පත්වන අඹුසැමි යුවළකට මඳසරුභාවයට පිළියමක් ලෙස යම් සහනයක් ලබා ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ. විශේෂයෙන් පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනය කිරීමට ද සමත් ආහාරයකි.

වරකාවල හා වැල සුගන්ධය එහි අඩංගු විශේෂිත වූ රසායනිකයක් මගින් ඇතිවේ. වරකා ප්‍රභේද කිහිපයකි. ඒවා පැණි වරකා, ගිනි වරකා ආදී වශයෙන් දැක ගත හැකිය. ගිනි වරකා රතු පැහැයට හුරු තැඹිලි පැහැයෙන් යුත් වරකා මදුලු වලින් යුක්තවේ. පැණි වරකා ඉතාම පැණිරසයෙන් යුත් රසවත් බවෙන් වැඩි ආහාරයකි.

වරකා මදුලු පමණක් නොව වරකා ගසේ කොළ, ‍පොතු, මුල් හා වරකා මදුලු වල කොහොල්ලෑ ද විවිධාකාරයේ රෝගී තත්ත්වයන් කිහිපයක් සඳහාම මහඟු ඖෂධයකි.

චමිලා අල්විස්
-Lakbima-

Posted On Wednesday, 04 November 2020 07:50
Page 1 of 7