2025 අ.පො.ස (උසස්.පෙළ) විභාගයේ නොපැවැත් වූ විෂයයන් 2026 ජනවාරි මස 12 සිට 20 වැනිදා දක්වා පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2025 අ.පො.ස (උසස්.පෙළ) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත් වීම අද(06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
එම කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

