Tuesday, 20 January 2026

වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය

Posted On Tuesday, 30 December 2025 16:35

වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය

 

මධ්‍යම , ඌව , සබරගමුව, බස්නාහිර ,දකුණ සහ වයඹ පළාත්වල තේ , රබර් වතු ආශ්‍රිතව පාසල් 864ක් පවතින අතර ගුරු නිවාස අත්‍යවශ්‍යව පවතින පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා හරහා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන , උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

වතු ආශ්‍රිතව පිහිටා ඇති පාසල් බහුතරයක් ප්‍රධාන නගරවලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇති බැවින් විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශවීම අපහසු වී ඇත.එම පාසල්වල ද්වීතික පන්තිවල පවතින ගුරු හිඟය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එම පාසල්වල සමස්ත කාර්යය සාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බව පෙන්වා දී තිබේ.
එසේම එම තත්වය බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයන් ලෙස සීමා වීමට හේතු වී ඇති බැවින් වතු ආශ්‍රිත පාසල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.