Monday, 19 January 2026

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීමට කැබිනට් අනුමැතිය

Posted On Tuesday, 30 December 2025 16:33

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීමට කැබිනට් අනුමැතිය

 

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2020 පෙබරවාරි මස 05වැනි දින රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව ගෘහස්ථ රැකවරණ , කෘෂිකර්මය , ඉදිකිරීම්, හෝටල් , ගෘහ පාලනය සහ පිරිසිදු කිරීමේ සේවා , නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියා සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැළසුම්වලට ( A,B,C,D,E සහ F ප්‍රොටෝකෝල ) වරින් වර අත්සන් තබා තිබේ.එම ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ වාණිජ හා සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඊශ්‍රායල් රාජ්‍ය නිල වශයෙන් කැමැත්ත පළ කර ඇත. ඒ අනුව එම එංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට හැකිවන පරිදි දෙපාර්ශ්වය අඅතර දැනටමත් අත්සන් තබා ඇති ගිවිසුම යටතේ G ප්‍රොටෝකෝලය අත්සන් තැබීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු , විදේශ රැකියා , සහ සංචාරක අමත්‍ය විජිත හේරත් මහතා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.ඒ අනුව එම ගන්නා ලද පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය හිමි වී ඇත.