Monday, 19 January 2026

2026 වර්ෂයේ සංචාරයට සුදුසු ආසියාවේ හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාව නම් කෙරේ

Posted On Tuesday, 30 December 2025 16:22

2026 වර්ෂයේ සංචාරයට සුදුසු ආසියාවේ හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාව නම් කෙරේ

අමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ 'U.S. News & World Report' අනුව 2026 වර්ෂය සඳහා සංචාරය කිරීමට සුදුසු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ පුරාණ නටඹුන්, බොහෝ ජනප්‍රිය ආසියානු ගමනාන්තවල දක්නට ලැබෙන අධික සංචාරක තදබදය අවම වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.

එසේම මෙම ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, ආහාර රටාවන් ,සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ජපානයේ ෆුජි කන්ද ආසියානු සංචාර ගමනාන්තවල ඉහළින් සිටින අතර පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගරයද මෙම ගමනාන්තයන් ලෙස නම් කර ඇත.

එම වාර්තාවට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 20 පහත දැක්වේ

1. ෆුජි කන්ද, ජපානය

2. ටෝකියෝ, ජපානය

3. පලවාන්, පිලිපීනය

4. සෝල්, දකුණු කොරියාව

5. ශ්‍රී ලංකාව

6. චියැං මායි, තායිලන්තය

7. භූතානය

8. හැනෝයි, වියට්නාමය

9. බාලි, ඉන්දුනීසියාව

10. ෆුකෙට්, තායිලන්තය

11. කියෝතෝ, ජපානය

12. සියම් රීප්

13. ඔසාකා, ජපානය

14. ක්වාලාලම්පූර්, මැලේසියාව

15. හොංකොං

16. මාලදිවයින

17. සිංගප්පූරුව

18. ජායිපූර්, ඉන්දියාව

19. ලැන්කාවි, මැලේසියාව

20. අග්‍රා, ඉන්දියාව