Tuesday, 20 January 2026

රථවාහන තදබදය අවම කිරීමට කටුනායක–සීදුව අන්තර් හුවමාරුවේ නව පිවිසුම් මංතීරු 04ක්

Posted On Tuesday, 23 December 2025 10:13

රථවාහන තදබදය අවම කිරීමට කටුනායක–සීදුව අන්තර් හුවමාරුවේ නව පිවිසුම් මංතීරු 04ක්

 

අධිවේගී මාර්ග භාවිත කරන ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම වෙනුවෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ඇතුළුවීම සඳහා මංතීරු 04 ක් අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත කර ඇත.

ඉලෙක්ට්‍රොනික ගාස්තු මංතීරුවක් (ETC Lane) සහ ටිකට්පත් මංතීරු 03 ක් වශයෙන් මෙම ප්‍රවේශ මංතීරු පැය 24 පුරා විවෘතකර, දෛනිකව අධිවේගී මාර්ගයට ඇතුළුවන දහස් සංඛ්‍යාත රථවාහන සඳහා ප්‍රමාදයන් වළක්වාලීමේ අරමුණෙන් මෙම නව ක්‍රමවේදය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇත.

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීම සඳහා වෙන්කර ඇති මංතීරුවේ සමහර රියදුරන් නොදැනුවත්භාවය හේතුවෙන් වාහන ධාවනය කිරීම නිසා යම් යම් අවස්ථාවල ප්‍රමාදයක් ඇතිවූ බැවින් එය වළක්වා ගැනීම සඳහා එම මංතීරුව නිල් පැහැති වර්ණයෙන් සළකුණු කර එම මාර්ග සීමාව තුළ පැයට කිලෝමීටර් 15 ක වේග සීමාවක් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.