Tuesday, 20 January 2026

අය වැය තෙවන වර කියවීමේ විවාදය අදයි

Posted On Friday, 05 December 2025 10:00

අය වැය තෙවන වර කියවීමේ විවාදය අදයි

 

2026 වසර සඳහා අයවැය තෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම අදට(05) යෙදී තිබේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය පසුගිය 15 වනදා ආරම්භ වූ අතර, විවාදය දින 15ක් පැවැත් විණි. රට තුළ පැවති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කාරක සභා අවසථා විවාදය දින 02ක් නොපවැත්වුණු අතර, විවාදය පැවැත් නොවූ දින 02කට අදාළ වැයශීර්ෂ විවාදයකින් තොරව සම්මත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

2026 අය වැය විවාදයේ අවසන් දිනය වන අද දින මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිත අතර අද පස්වරු 6.00ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතව තිබේ.