Monday, 19 January 2026

ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුව පතා දළදා මාළිගාවේ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයක්

Posted On Friday, 05 December 2025 09:55

ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුව පතා දළදා මාළිගාවේ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයක්

 

හදිසි ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සියලු දෙනාට ඉක්මන් සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත්, මියගිය සියලු දෙනාට පිංපෙත් අනුමෝදන් කිරීමත් අරමුණ කරගෙන ශ්‍රී දළදා මැදුරතේ සිදුකළ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය ඊයේ (දෙසැ. 04) පස්වරුවේ පැවැත්විණි.

ඒ මල්වතු හා අස්ගිරි උභය මහාවිහාරීය අති ගෞරවාර්හ මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවා භාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගරු දියවඩන නිලමේ තුමන්ගේ සංවිධායකත්වයෙනි.