Tuesday, 20 January 2026

නුගේගොඩ උසස්පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා නොවන සේ හැසිරෙන්න - පොලිසිය අවධාරණය කරයි

Posted On Friday, 21 November 2025 06:07

නුගේගොඩ උසස්පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා නොවන සේ හැසිරෙන්න - පොලිසිය අවධාරණය කරයි

 

නොවැම්බර් 21 දා සවස නුගේගොඩ නගරයේදි පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කරන රැස්වීම නිසා නුගේගොඩ නගරය තුල පිහිටා ඇති පාසැල් ගණනාවක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධාවන් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි.

එනිසා එවැනි බාධාවන් සිදු නොවන සේ කටයුතු කරන ලෙස රැලියේ සංවිධායකයන් හට දැනුම්දෙන ශ්‍රී ලංකා පොලිසිය, විභාගය පැවැත්වෙන පාසැල් වලට බාධා ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි.

අනුලා බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝන් විදුහල, ශාන්ත ජෝෂප් බාලිකා විදුහල, සමුද්‍රදේවී බාලිකා විදුහල ඇතුලු විදුහල් රාශියක් නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති අතර විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කර ඇති රැස්වීම පැවැත්වෙන කාල සීමාව තුල 2025 උසස්පෙළ දේශපාලන විද්‍යාව විභාගය පැවැත්වේ.