Saturday, 08 November 2025

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවකයන් 8547 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

Posted On Tuesday, 28 October 2025 15:43

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවකයන් 8547 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

 

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවකයන් 8547 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යශයට 79ක් , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය 120ක් , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශට 44, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාං ශයට 17ක්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාන්‍යාශය 123ක්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතනා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ 01ක්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට 310ක්, , ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට 01ක්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට 01ක්, ප්‍රවාහත, මහාමාර්ග සහ නාගරීක සංවර්ධන අමාත්‍යාංශ 48ක්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 54, ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශට 06ක්,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය 355, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය 5198ක්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය 213ක්, බුද්ධශාසන, ආගර්මක සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට 1261, ජාතික පොලිස් කොමිෂන් සභාව 02ක්, උතුරු පළාත් සභාවට 115ක්, සබරගමුව පළාත් සභාවට 11ක්, වයඹ පළාත් සභාවට 85ක්, උතුරු මැද පළාත් සභාව 89ක් සහ බස්නාහිර පළාත් සභා 414 ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියා වලිය සමාලෝවනය කිරීම සහ කායමණ්ඩල කළමනාකරණය කිරීමට පත් කරන ලද කමිටුවේනිදේශ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝවනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍ය වශ්‍යයෙන්ම සිදූ කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-30 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ඇමැතිවර කියා සිටියේය.
එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සඟ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන, 2025-10-02 දින පැවති එම කමිටු රැස්වීමේදී කරනු ලැබ ඇති නිදේශ පරිදි පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීමට අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා පැවසීය.