Saturday, 08 November 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව සාර්ථකව නිමා වෙයි

Posted On Thursday, 16 October 2025 03:03

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව සාර්ථකව නිමා වෙයි

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) කලාපීය සෞඛ්‍ය ප්‍රගමනයට සුභවාදී තීන්දු තීරණ රැසක් සමගින් සාර්ථකව අවසන් විය.

සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම්රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් ආරම්භ වු මෙම සමුළුවේ දී අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම, ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම, ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීම සහ පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, දුම් රහිත දුම්කොළ, ඉලෙක්ට්‍රොනික සිගරට්, නිකොටින් බෑග් සහ පුවක් භාවිතයට එරෙහිව සටන් කිරීමේ උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම, සෞඛ්‍ය හදිසි අරමුදලේ (SEARHEF) සංචිතය පුළුල් කිරීම, කලාපීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගෝලීය කැපවීම් සමඟ පෙළගස්වා ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහිව ක්‍රියාමාර්ග වේගවත් කිරීම ආදි කරුණු පිළිබඳව ඉතා පුළුල්ව සාකච්ජාවට ගැනුණි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන අතර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් එම රටවල තානාපතිවරු ද අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් රැසක් සහභාගී වී සිටියහ.

ලෝකයට හා කලාපයට බලපාන සෞඛ්‍ය හා සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබඳ නව තීරණ රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී ගන්නා ලද අතර, ශ්‍රි ලංකාව නිල සත්කාරකත්වය දරමින් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව සහ ආගන්තුක සත්කාරයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් සහභාගී වු එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් සහභාගි වූ එම රටවල තානාපතිවරු සිය උණුසුම් ස්තුතිය සහ ප්‍රසාදය කිරීම ද විශේෂත්වයකි.

එමෙන්ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ සමුළුවේ සභාපති ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමුළුව ඵලදායීව මෙහෙයවීම ද මෙහිදී ඇගයීමට ලක්විය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දින තුන පුරා සාර්ථක සාකච්ඡා අවසානයේ සමාප්තිය සනිටුහන් කරමින් අදහස් දැක්වීමට ලැබීම මහත් සතුටක් සහ ගෞරවයක් බවයි.

සැසිවාරයේ සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් සියලුම සාමාජික රටවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අවංක කෘතඥතාව පළ කරන බවත්, මෙම සැසිවාරයේ සභාපතිවරයා ලෙස තමන් තෝරාපත් කර ගැනීමට තැබූ විශ්වාසය පිළිබඳව සිය ස්තූතිය ද පළ කරන ලදි.

මෙම සැසිවාරයේ උප සභාපතිවරුන් ලෙස ආදර්ශමත් නායකත්වය සහ සහයෝගීතාවය වෙනුවෙන් මාලදිවයින් ජනරජයේ රජයේ සෞඛ්‍ය අමාත්‍ය අතිගරු අබ්දුල්ලා නසීම් ඉබ්‍රාහිම් මහතාට සහ භූතානයේ රාජකීය රජයේ සෞඛ්‍ය අමාත්‍ය අතිගරු ටැන්ඩින් වැන්ග්චුක් මහතාට ද සිය හෘදයාංගම ස්තූතිය අමාත්‍යවරයා පළ කරන ලද අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතාට ඔහුගේ ආශ්වාදජනක දැක්ම සහ ස්ථිරසාර නායකත්වය වෙනුවෙන් ගැඹුරු කෘතඥතාව මෙන්ම මෙම රැස්වීම පුරාවට ඔවුන්ගේ අමිල සහයෝගය සහ දායකත්වය වෙනුවෙන් WHO අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ (SEARO) භාර නිලධාරී ආචාර්ය කැතරිනා බොහ්මේ සහ ඇයගේ කැපවූ කණ්ඩායමට ද සිය ස්තූතිය අමාත්‍යවරයා පළ කරන ලදි.

වර්තමානයේ අභියෝගයක් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැවත දිශානතියට පත් කිරීම බවත් "සැමට සෞඛ්‍යය" සාක්ෂාත් කර ගැනීම සඳහා මූලික ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඇතුළු ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේදී ප්‍රාථමික සත්කාරයේ කාර්යභාරය නිර්වචනය කිරීමට සහ ශක්තිමත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ද පැවැසීය.

වසංගත රෝග සහ ජනවිකාස සංක්‍රාන්ති සන්දර්භය තුළ මෙම අවශ්‍යතාවය විශේෂයෙන් තීරණාත්මක වන බවත්, බෝවන රෝගවල බර බෝ නොවන රෝගවලට මග පාදන බැවින් සහ උපත් අනුපාත පහත වැටෙන විට, අපගේ අවධානය පුළුල් හා ඵලදායී වැඩිහිටි සත්කාර කෙරෙහි යොමු විය යුතු බවත්, අපගේ කලාපයේ රටවල් කිහිපයක් දැනටමත් මෙම දිශාවට ප්‍රශංසනීය පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ කලාපයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්, ඇතුළු විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සමුළුවේ අවසන් දිනය වන අද (14) උදෑසන විශේෂ යෝග වැඩසටහනකින් ආරම්භ විය.

දිනයේ ප්‍රධානතම සැසිය ලෙස පසුගිය ප්‍රාදේශීය කමිටුවේ සැසිවාරයන් විසින් සම්මත කරන ලද තෝරාගත් යෝජනා නවයක් සහ තීරණ පිළිබඳ “තෝරාගත් ප්‍රාදේශීය කමිටු යෝජනා පිළිබඳ ප්‍රගති වාර්තා” ඉදිරිපත් කිරීම පෙරවරුවේ සිදූ වන අතර එමෙන්ම එම ප්‍රගති වාර්තා පිළිබඳව කලාපයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් අදහස් දැක්වීම ද සිදු විය.

එමෙන්ම ආසියානු කලාපයේ හෘද වාහිනී රෝග වැළැක්වීම සහ පාලනය වේගවත් කිරීම පිළිබඳවත්, නොසලකා හරින ලද රෝග සඳහා ඖෂධ මුලපිරීම (Drugs for Neglected Diseases Initiative), ඒකාබද්ධ ප්‍රකාශයන් ඉදිරිපත් කිරිම ද සිදු කරන ලදී.

මෙහි දී සමුළුවට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයින් තම රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අත්දැකීම් දබෙදාගන්නා ලදී.