ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජාතික කලා භ වන වැඩි දියුණු රක සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුව විසින් සිදු කරනු ලැබේ. එම ව්‍යාපෘතියේ සියලු කටයුතු 2024 වර්ෂය තුළදීම අවසන් කිරීමට සැලසුම් කර තිබුණද පසුගිය වසරේ එම කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇත. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව යටතේ රුපියල් මිලියන 120 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ ද එය ප්‍රමාණවත් නොවන බවත් රුපියල් මිලියන 32 ක මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය බවත් ඉදිරිපත් කළ යෝජනා තුළින් හඳුනා ගනු ලැබේ තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ජාතික කලාභවන නවීකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අමතර අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ
