ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වෙනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) සවස 2.00ට ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.
දෙවසරකට වරක් සිදු කරන මෙම උපසම්පදා විනය කර්මය, මෙවර ජනපති කාර්යාලයේ සහ අමාත්‍යාංශ 21ක සම්බන්ධීකරණයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වේ.