රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමටත් කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර ජුනි 26 ඇරඹේ. මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කතරගම පෙරහැර කමිටුව ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධව පෙරහැර සමයේ කසළ කළමනාකරණය සඳහා පුළුල් වැඩසටහනක් දියත් කර ඇත.
ඒ අනුව, පූජා භූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන් හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථ වල දැනුම්වත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු මගින් සහ අත්පත්‍රිකා බෙදා දෙමින් මහජනතාව දැනුම්වත් කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම, කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම, ප්ලාස්ටික් මල් මාලා ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය ඇතුළත් පූජා වට්ටි දේවාල වලට භාර නොගන්නා ලෙස කපු මහතුන් දැනුම්වත් කර තීබීම සහ තහනම් ප්ලාස්ටික් වැටලීම සඳහා හදිසි වැටලීම් ක්‍රියාත්මක කිරීම ආදී වූ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමට කටයුතු යොදා තිබේ.
එමෙන් ම ඇසළ උත්සවය අවසන් වූ පසු ශ්‍රමදාන වැඩසටහන් මගින් පූජා භූමිය පවිත්‍ර කිරීමටත් කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.