Wednesday, 16 July 2025

පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට - මහජන ආරක්ෂක ඇමැති

Posted On Monday, 23 June 2025 09:31

පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට - මහජන ආරක්ෂක ඇමැති

 

පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම හා සමගාමීව මත්ද්‍රව්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මත්ද්‍රව්‍ය පාලනය සහ සැපයුම් ජාලය වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇති බවත්, මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ පරිහරණය කිරීම සඳහා පැමිණි මත්ද්‍රව්‍යය තොග බවද කීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අතීතයේ දේශපාලන රැකවරණය තිබුණත් වර්තමානයේ එවැන්නක් සිදු වී නැතැයිද කීය.

අනාගතයේ මේ රට මතින් තොර රටක් බවට පත් කිරිමේ මෙහෙයුම් ආරම්භකර ඇතැයිද අමාත්‍යවරයාකීය. ජාතික ව්‍යසනයක් බව ට පත්ව ඇති මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව මේ රටේ ජනතාවට ලබා දුන් එක් පොරොන්දුවක් බවත්, ඒ වෙනුවෙන් රජය මේව වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය වැලැක්වීම සඳහා රටතුළ දැවැන්ත මෙහෙයුම් ජාලයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය වැටලීම් දිගින් දිගටම සිදු කරන බවද ඒ මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අවම කිරීම සඳහා කටයුතුකළ යුතු බවත්, ඒ් සඳහා පුනුරුත්ථාපන වැඩසටහන් රාශියක්ක්‍රියාත්මක බවද පැවසීය.

මේ වනවිට සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ ප්‍රදේශවල මහජනයා සමග බද්ධවෙමින් කටයුතු කරනවා.