Monday, 24 March 2025

ලංගම වාර ප්‍රවේශපත් භාවිත කරන්නන් මගහැර ධාවන කෙරෙන බස්රථ පිළීබඳ දැනුම්දීමට දුරකතන අංකයක්

Posted On Tuesday, 04 March 2025 08:06

ලංගම වාර ප්‍රවේශපත් භාවිත කරන්නන් මගහැර ධාවන කෙරෙන බස්රථ පිළීබඳ දැනුම්දීමට දුරකතන අංකයක්

 

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) භාවිත කරන්නන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධ තොරතුරු 1958 අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා , ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකාච්ඡා කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම වන අලි දුම්රියට ගැටීම වැළැක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරයක් ම ගන්නා ලෙස එහිදී අමාත්‍යවරයා දුම්රිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

තවද වරායෙන් නිෂ්කාශනය කර නොමැති බහාලුම් ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව නිලධාරීන් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව, මෙම බහාලූම් වරාය තුළ සිරවීම හේතුවෙන් ඇතිව ඇති ප්‍රමාදය මග හරවා ගැනීමට කඩිනමින් නිලධාරීන් බඳවා ගත් බවත්, වරාය තුළ තදබදය අවම කිරීමේ අරමුණින් වරායට පිවිසෙන රථ ගාල් කිරීම සඳහා බ්ලුමැන්ඩල් හි අක්කර දෙක හමරාක ඉඩ ප්‍රමාණයක් රේගුව වෙත භාර දී තිබෙන බවත් සිවිල්, ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එහිදී සඳහන් කර ඇත.

තව ද, Port Community System ඩිජිටල් තාක්ෂණ වැඩසටහන තිරසාර විසඳුමක් ලෙස දිගු කාලීන වැඩපිළිවෙලක් වශයෙන් ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.