Saturday, 23 November 2024

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් වූවන්ට දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

Posted On Saturday, 23 November 2024 17:04

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් වූවන්ට දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

 

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු අදියර සඳහා අයදුම් කළ තැනැත්තන් හට යම් ගැටලුවක් පවතී නම් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමටත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. එලෙස ඉදිරිපත් කළ හැකි දුක්ගැනවිලි පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.

 අයදුම්පත් කැඳවීමේදී අගතියට / අසතුටට පත්වීම
 නිවස වෙත පැමිණ තොරතුරු රැස් කිරීමේදී අගතියට / අසතුටට පත්වීම
 තෝරාගැනීමේ ක්‍රමවේදය සම්බන්ධව අගතියට / අසතුටට පත්වීම
 වෙනත් කරුණක් නිසා අගතියට / අසතුටට පත්වීම
එවැනි පවුල් හෝ තැනැත්තන් දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අදාළ නියමිත අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත 2024.11.25 දින සිට 2024.12.15 දින දක්වා කාලය තුළ භාරදිය යුතුය. මීට අදාළ අයදුම්පත්‍රය ද තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගැනීම හෝ www.wbb.gov.lk මගින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස බාගත කිරීම කළ හැකිය.