Thursday, 12 December 2024

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට සහන කාලයක්

Posted On Saturday, 23 November 2024 16:50

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට සහන කාලයක්

 

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් සහන කාලයක් ලබාදී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව 2024.11.25 දින සිට 2024.12.02 දක්වා කාලය තුළ මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් ඉදිරිපත් නොකළ පවුල් හෝ තැනැත්තන් අදාළ නියමිත අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය. ඊට අදාළ අයදුම්පත්‍රය තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගැනීමට හෝ www.wbb.gov.lk මගින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස බාගත කරගැනීම කළ හැකිය.