Thursday, 25 April 2024

රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබාදෙන්න- ආරක්‍ෂක අමාත්‍යාංශය

Posted On Friday, 13 May 2022 17:04

රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබාදෙන්න- ආරක්‍ෂක අමාත්‍යාංශය


ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් 2022 මැයි මස 12 වන දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය

රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටි.

ආරක්‍ෂක අමාත්‍යාංශය ක්ෂණික ඇමතුම් - 0767392977 හා 0112441146
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය 118