Friday, 19 April 2024

රථවාහන දඬමුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීමට අප්‍රේල් 23 තෙක් සහන කාලයක්

Posted On Thursday, 21 April 2022 07:23

රථවාහන දඬමුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීමට අප්‍රේල් 23 තෙක් සහන කාලයක්


ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර එහෙත් 2022.04.11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩමුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩමුදල් ගෙවීමට 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව තැපැල්පතිවරයා වැඩි දුරටත් පවසයි.

ඒ අනුව 2022.03.29 දින සිට 2022.04.10 දක්වා (එම දින දෙකද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව 2022.04.23 දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා අවධාරණය කරයි.