Saturday, 20 April 2024

උත්සව සමයේ විශේෂ ආරක්ෂවක්

Posted On Friday, 24 December 2021 16:11

උත්සව සමයේ විශේෂ ආරක්ෂවක්


නත්තල් සමය හා නව අවුරුදු උදාව සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රැස්වෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී ඇත.

මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් සොයා මෙහෙයුම් කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමටත් පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
තවද යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.