Thursday, 25 April 2024

ඔබට යම් අසනීප තත්ත්වයක් තිබේ නම් සුරතලුන්ගෙන් ඈත්විය වන්න - ආචාර්ය ඩිලාන් ඒ සතරසිංහ

Posted On Saturday, 19 June 2021 16:09

ඔබට යම් අසනීප තත්ත්වයක් තිබේ නම් සුරතලුන්ගෙන් ඈත්විය වන්න - ආචාර්ය ඩිලාන් ඒ සතරසිංහ


යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ මහතා පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මේ වන විට සතුන් අතර කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරමින් පවතින බවත්, ආසාදිත වු සිංහයාගේ ධේනුව හා පැටව් තිදෙනා පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් ය.

මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුඩා දරුවන්ට වැළඳෙන මල්ටි සිස්ටම් ඉන්ෆ්ලේමටරි සින්ඩ්‍රොම් නමැති මාරාන්තික රෝග තත්ත්වය පිළිබදව මෙරටින් හඳුනාගෙන ඇති බවත් එම තත්ත්වය සහිත දරුවන් 6 දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර ඇති බවද සදහන් වේ.