Thursday, 25 April 2024

ඔබ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන මේ කරුණු දැන සිටියා ද ?

Posted On Thursday, 17 June 2021 16:45

ඔබ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගැන මේ කරුණු දැන සිටියා ද ?

 

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මෙරට සමාජයෙන් පළමුවරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වාර්තා කරයි.

වාර්තා වන අන්දමට ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
විශේෂයෙන් පසුගියදා ඉන්දියාව තුළ කොවිඩ් මරණ විශාල වශයෙන් ඉහළ යෑමට එම කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවූ බව පිළිගත් මතයකි.

ලෝකයේ රටවල් 80ක් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.
එය විකෘති වෙමින් තවදුරටත් පැතිරයමින් පවතින බවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දැඩි ලෙස අසාධ්‍ය වන බවට ද හඳුනා ගෙන ඇත.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව එම එන්නත් යහපත් සඵලතාවයක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. මෙහිදී එම එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතය වේ.