
Editor
අධ්‍යාපන ඇමැතිගෙන් විදුහල්පතිවරුන්ට නියෝගයක්
පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබේ.
සමස්ත ලංකා මළල ක්‍රීඩා තරග හෙට සහ ලබන 30 දා
වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී එම තත්ත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එළවලු තොගමිල තනි ඉලක්කමට
ක්ෂය රෝගීන් 4000ක් රටපුරා - අද සන්නස පුවත
ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක
අද (22) ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි මෙම උද්ඝෝෂණය සිදුවන අතර ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයකි.
ක්ෂය රෝග දින ජාතික උත්සවය කලුතර දී - ලෝක ජනගහනයෙන් මිලියන 10.4 කට ක්ෂය රෝගය
"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මැදදුම්බර, පුටුහපුව අම්බලම සංරක්ෂණයට පියවර
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුටුහපුව ග්‍රාමයේ පෞරාණික උරුමයක්ව පවතින පුටුහපුව අම්බලම සංරක්ෂණය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කම්කරු නිලධාරී විභාගය 26 වැනි දා
කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරී- II නතතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2016 (2017) විභාගය ලබන 26 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 60කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව අයදුම්කරුවන් 9527ක් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.
ජනපති හෙට රුසියාවේ නිල සංචාරයකට පිටත්ව යයි
ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) ලබන 24 දක්වා රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.