Editor

Editor

පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට යෝජනා වෙයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 ක් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (22) රාති‍්‍රයේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ''තොරතුරු සතිය'' ප්‍රකාශයට පත් කර ඇති අතර අද සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉතා ප්‍රබල පනතක් බවත් තොරතුරු පනත භාවිතා කර විශාල මාධ්‍යවේදින් පිරිසක් ගවේෂණාත්මක මාධ්‍ය සඳහා තොරතුරු ලබාගන්නා බවත් තොරුතුර ලබා නොදෙන බව කියා එවැනි ප්‍රචාරයන් මාධ්‍ය මඟින් ලබා නොදෙන ලෙසත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.

2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා  හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව