Editor
ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට උපදෙස්
ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි- බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් යළි අවධාරණය කරයි
කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදීත් රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරයි.
ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට විධිවිධාන- ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා දීර්ඝ වෙයි
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
විගමනික ශ්‍රමිකයින්ගේ නොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත්- විදේශ සේවා නියුක්ති කාර්යාංශය
සමස්ත ලෝකයම දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වී ඇති මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකාවද ඉදිරියේ දී මුහුණපෑමට යන ආර්ථික පසුබෑම ඉතා භයානක අවධියකට යාමට ඉඩ තිබීම වළක්වාලීමට නම්, විගමනික ශ්රමිකයින්ගේනොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෞරවයෙන් ප්‍රකාශ කරයි.
ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ නිවසටම ලබා දීමට පියවර
ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) දිවයිනට
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදූ බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්- අමාත්‍ය මහින්ද අමරවීර
ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.