ඔබ COVID-19 ආසාදිතයෙක්දැයි හඳුනා ගැනීම සඳහා ඔබේ නාසය ඔබට ම හෝඩුවාවක් ලබා දෙන බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙක් පවසනවා.
සින්සිනාටි යනු එක්සත් රාජධානියේ ඔහියෝ වල පිහිටි ඉතා ම පැරණි විශ්ව විද්‍යාලයක්.
ගඳ සුවඳ දැනීම නැතිවීම COVID-19 ආසාදනයේ ප්‍රධාන දර්ශකයක් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
COVID-19 හි භෞතවේදය තීරණය කිරීමේදී නාස් කුහරයේ ඇති වැදගත්කම වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති බව නාසයේ සහ කෝඨරකවල (Sinus) රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය අහමඩ් සේදගාට් පැහැදිලි කරනවා.
COVID-19 සාමාන්‍යයෙන්, නාසය අවහිරවීම හෝ සොටු නිෂ්පාදනය වැනි රෝග ලක්ෂණ (මේවා සාමාන්‍යයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවලදී ඇති වන රෝග ලක්ෂණයන්ය.) සමග සම්බන්ධ නොවන බව ඔහු පවසනවා. COVID-19 වෙනත් සාමාන්‍ය සෘතුමය අසාත්මිකතාවන්ගෙන් (Seasonal Allergies) වෙන්කර හඳුනා ගැනීමට තරමක් පහසු වන්නේ ද මේ වෙනස නිසයි.
COVID-19 වෛරසය නාසයේ රෝග ලක්ෂණ වල තරමක් අද්විතීය සංයෝජනයක් සමඟ සම්බන්ධ වන බව ඔහු පවසනවා. කෙනෙකුගේ නාස් කුහරයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ම ගඳ සුවඳ දැනීම නැතිවීම, ‘ඇනොස්මියා’ (Anosmia) ලෙස හැඳින් වෙනවා. එය සිංහලෙන් හඳුන්වන්නේ “අවඝ්‍රාණය” ලෙසයි. මෙසේ හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය COVID-19 රෝගයේ හොඳ අනාවැකියක් වන අතර එය “අනුමාන COVID-19 තත්ත්වයක්” ලෙස සලකා වහාම එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙළඹ විය යුතු බවත් ඔහු පවසනවා.
COVID-19 වෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වී දින දෙකේ සිට 14 දක්වා කාලයක දී උණ, කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පළ කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ නිරන්තර පීඩනයක් හෝ පපුවේ වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් හෝ නැගිට ගැනීමට නොහැකියාවක් හෝ ඇත්නම් නම් වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා.එහෙත් බොහෝ දෙනෙකුට එවැනි ආධාර නොමැතිව සුවය ලැබෙනවා.
COVID-19 වෛරසය නිපදවීම නාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය එම රෝගීයා තවමත් රෝග ලක්ෂණ පළ නොකරන හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් පළ කරන රෝගයේ මුල් අවධියේදී සිදු වන බවයි ඔහු පවසන්නේ. එවැනි පුද්ගලයින් කිවිසුම් මගින් ඉතා කුඩා බිඳිති ලෙස හෝ නාසය අල්ලා වෙනත් පෘෂ්ඨ ස්පර්ශ කිරීම මගින් හෝ මෙම වෛරසය ව්‍යාප්ත කරනවා.
නාසයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය “COVID-19 හි අතීශය නිශ්චිත දර්ශකයක්” බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම සොයා ගැනීම කරන්නේ වර්තමාන කොරෝනා වෛරසයට සාපේක්ෂව මිනිසාට පීඩා කරන වෙනත් කෝඨරක(Sinus) හා නාසයේ ආබාධ පිළිබඳව කර ඇති අධ්‍යයන 19 ක් විශ්ලේෂණය කිරීමෙන්. පැරිස් වෛද්‍යවරුන් වන ඩොමිනික් සැල්මොන් සහ ඇලයින් කෝරේ (Dominique Salmon and Alain Corré) විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් ගැන ද ඔහු ලිපියක සඳහන් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ නාසයේ වෙනත් බාධාවකින් තොරව ඇති වූ ඇනොස්මියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 55 දෙනෙකුගෙන් 94% ක්ම PCR මගින් COVID-19 සඳහා ධනාත්මක වී ඇති බවයි.
පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වූ ඕනෑම වේලාවක ගඳ සුවඳ දැනීම නැතිවීම සිදුවිය හැකි නමුත් මෙය ආරම්භක රෝග ලක්ෂණයක් ලෙස ඇති වූ විට එය විශේෂයෙන් උපදේශාත්මක බව ඔහු පවසනවා.
කෙනෙකුගේ ගඳ සුවඳ හදිසියේ නැතිවීම තමාට COVID-19 ඇතැයි සිතීමට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ නැති බව ඔහු පවසනවා. මෙවැනි පුද්ගලයින් සුපුරුදු පරිදි තම ව්‍යාපාර සහ රාජකාරි කටයුතු කරගෙන යන අතර එමගින් ඔවුන් මෙම රෝගයේ වාහකයින් ලෙස ද ක්‍රියා කරනවා.
නාස් කුහරය යනු COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සිරුරට ඇතුල් වන හා ආසාදනයට ලක් වන ස්ථානය විය හැකි බවයි පවසන්නේ.
– වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු
මුදල් වෙනුවෙන් ළමයින් හා පිරිමින් හතළිහක් මැරූ බිහිසුණු ගැහැණිය
Written by Editorලංකාවේ මුල්ම හදවත් සැත්කමට ලක් වූ දැරිය හැත්තෑ වසකට පසු කියන කතාව
Written by Editorසරුසාර අස්වැන්නකට දේශීය විසඳුම්
සමතුලිතාව සහ සහජීවනය සොබා දහමේ ඇති අපූරු සංසිද්ධියකි. ගොවිතැන යනු මෙම පාරිසරික නියතීන් අපූරුවට ගළපා ගනිමින් සිදු කළ යුතු කර්මාන්තයකි. ගොවිතැන් කටයුතුවලදී ගොවින් මුහුණ දෙන විවිධ පළිබෝධ හානි ජය ගැනීමට සොබා දහමෙන්ම ලබා දී තිබෙන අසිරිමත් ප්‍රතිකාර සොබාදහමේ තුලිතතාව පෙන්වන හොඳම සාධකයි. ගොවිතැන ජය ගැනීමට රසායනික තෙල් පොහොරම වුවමනා යැයි පවතින මතය පුස්සක් බවට පත් කරන මේ ප්‍රතිකාරවල ශක්තිය බොහෝ දෙනෙක් නොදනිති. කෘමිනාශක වෙනුවට සොබා දමේ අපූරු නිපැයුම් වන ගහකොළ පැළෑටිවල පස් පංගුවෙන් සකසා ගන්නා ප්රතිකාරවලින් මෙම පළිබෝධ හානි මැඬීමට ඇති හැකියාව ඔබටත් අත්හදා බැලිය හැකියි.
පළිබෝධ හානි මැඬලීම සඳහා ශාක සාරයෙන් සකසා ගත හැකි පළිබෝධ නාශක පරිසරයට හිතකර මෙන්ම ගොවියාට මුදල් ද ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අස්වැන්න ආහාරයට ගැනීමෙන් නිදන්ගත රෝගා බාධ ව්‍යාප්තිය අවම කිරිමට සාර්ථක පිළියමක් ද වෙයි. සෞභාග්‍යයේ දැක්ම රජයේ ජාතික වැඩසටහනට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති ගොවි ප්‍රජාව කාබනික කෘෂිකර්මාන්තයට නැඹුරු කිරිමේ එක් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඇහැටුවැව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි හේමන්ත වන්නිනායක මහතාගේ සංවිධානයෙන් ආණමඩුව කොටවෙහෙර විදාතා සම්පත් නිලධාරි එන්.පී.පී සුනෙත් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති වැඩමුළුවකින් ගොවි ප්‍රජවට දුන් මේ දැනුම ඔබටත් ඔබේ ගෙවත්තට වගා බිමට රැගෙන යන්න පුළුවන්.
පණු හානියට
කොහොඹ කොළ හා කරඳ කොළ අමු ගොම දියර සමඟ මිශ්‍ර කර දින 14ක් පල් කර තබා ඉසින්න.
කෘමි හානියට
• සුදු ලූනු ග්‍රෑම් 100ක් සහ සබන් ග්‍රෑම් 10ක් සිහින්ව අඹරා ජලය ලීටර් ½ක ට මිශ්‍ර කර පැය 24ක් තබා එම මිශ්‍රණයට ජලය ලීටර් ½ක් නැවත එකතු කර වගාවට ඉසීම යෝග්‍යයයි.
• සුදු ලූනු ග්‍රෑම් 50ක් සිහින්ව අඹරා වතුර ලීටර් 1කට මිශ්‍ර කර ඉසින්න
කුඩිත්තන්ට සහ කොළ හකුළන දළඹුවන්ට
සුදු ලූනු ග්‍රෑම් 100ක් අඹරා භූමිතෙල් තේ හැදි දෙකකට කලවම් කර ජලය ලීටර් 1ක් හා සබන් ග්‍රෑම් 50කට මිශ්‍ර කර පැය 24ක් තබා පෙරන්න. ඉන් පසු හතර ගුණයක් තනුක කර ඕනෑම වගාවකට ඉසිය හැකිය.
කූඹීන්, වේයන් සහ නයි කූඹීන්ට
අනෝදා ඇට පතක් කොටා අඹරා ජලය ලීටර් 1කට දිය කර පෙරා ගත් දියරය ඉසින්න.
කුඩිත්තන්, පැළ කීඩෑවන්, සුදු මැස්සන්ට
වතුර ලීටර් 2කට අනෝදා කොළ ග්‍රෑම් 500ක් එක් කර ළිපක තබා රත් කරන්න. ඉන් පසු ජලය ලිටර් ½ක් දක්වා හිඳෙන්න හරින්න. පසුව පෙරා එයට ජලය ලීටර් 2ක් දමා මිශ්‍ර කර වගාවට ඉසින්න.
ඉල් මැස්සන්, කොළ කන දළඹුවන් සහ ගෙඩි විඳින පණුවන්ට -
තෝර මුල් ග්‍රෑම් 50ක් ගෙන සබන් ග්‍රෑම් 10ක් සමඟ කොටා ගෙන එයට ජලය ලීටර් 1ක් දමා හොඳින් දිය කර ගන්න. ඉන් පසු හානි කර ඇති පත්‍රවල උඩ සහ යටට හොඳින් ඉසින්න.
ඉල් මැස්සාට තවත් ප්‍රතිකාරයක්
• කලවැල් යුෂ ඉතා ස්වල්ප ප්‍රමාණයක් පැණි හෝ සීනි ද්‍රාවණයකට මිශ්‍ර කර එයින් රෙදි කැබලි පොඟවා පන්දලමේ තැනින් තැන එල්ලන්න.
• අමු ඉඟුරු සහ සුදු ලූනු කොටා එම යුෂ මේස හැඳි 5කට ජලය ලීටර් 1ක් මිශ්‍ර කර ඉසින්න.
සොලනේසි කුලයේ කොළ හැකිළෙන රෝගයට
ගඳපාන, ගන්සූරියා සහ ඇල්බීසියා කිලෝග්‍රෑම් 1 බැගින් ගෙන අමු ගොම කිලෝගරෑම් 1කට මිශ්‍ර කර ගෝණියකට දමා කට ගැට ගසා එම ගෝණිය ලොකු බැරලයකට දමා ඒ මත ලොකු ගලක් තබා ජලය ලීටර් 20ක් දමා දින 21ක ට පසු එම දියරයෙන් ලීටර් 1කට ජලය ලීටර් 3ක් මිශ්‍ර කර ඉසින්න.
මයිටාවන්ට සහ පැළ මැක්කන්ට
මැටි භාජනයකට ජලය ලීටර් 1ක් දමා හොඳින් උණු කර ගන්න. එයට පොඩි කර ගත් රතු ලූනු කිලෝග්රූම් 1ක් දමා රෙදි කඩකින් කට ගැට ගසා පැය 24ක් තබා පෙරා ගන්න. පෙරා ගත් දියරයට ජලය ලීටර් 10කට මිශ්‍ර කර ඉසින්න.
අඹන්පොළ විශේෂ - සකුන්තලා ජයසිංහ
එකට ඇවිත් එකටම යන හමුදාවේ නිවුන් නිලධාරීන් දෙදෙනා
Written by Editorමිනිත්තු කිහිපය වෙනසකින් මෙලොව එලිය දැක, එකම පාසලක ඉගෙනුම ලබා, එකම දිනක යුද හමුදාවට බැඳී, එකම බඳවාගැනීමේ කාණ්ඩය යටතේ පුහුණුව ලබා, එකම දිනක විසිර ගොස්, රෙජිමේන්තු දෙකක සේවය කළ නමුත්, වසර 34 ක ඇවෑමෙන් එකම දිනක විශ්‍රාම ලැබීමට සූදානම් වන මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ පූරක සෙනෙවිරත්න නිවුන් සොහොයුරු දෙපලට හමුදාපති තුමන් සුබපැතුම් එක්කරයි.