Thursday, 18 April 2024

ඉන්දියාවේ නම්කරන ලද මහ කොමසාරිස්වරයා
කපිලවස්තු සර්වඥධාතු වැ`ද පුදා ගණිති

ඉන්දියාවේ නම්කරන ලද මහ කොමසාරිස්වරයා සිය අක්ත පත්‍ර පිරිනැමීමට කලින් නව දිල්ලි ජාතික කෞතුකාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනය කරන කපිලවස්තු සර්වඥධාතුන් වහස්සේලා වැ`ද නමස්කාරකර ආශිර්වාද ලබා ගෙන තිබේ. මිලින්ද මොරගොඩ මහතා, එම මහත්මිය සහ මහ කොමසාරිස් කාර්යාලයේ ෙජ්්‍යශ්ඨ නිලධාරීහු මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වූහ. නවදිල්ලියේ පිහිටි ජාතික කෞතුකාගාරයේ ජ්‍යෙශ්ඨ භාරකාර ආචාර්ය මොහාන් ප්‍රතාප් මහතා මහ කොමසාරිස්වරයා පිලිගෙන ධාතූන් වහන්සේලා විසි දෙනමක් වැඩ සිටින කුටිය වෙත කැ`දවාගෙන ගොස් තිබේ.

ශ්‍රී ලාංකේය බොදු බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින මෙම ධාතූන් වහන්සේලා දහනම වැනි සියවස අග භාගයේ පිප්රවාහා ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. බිහාර් ප්‍රාන්තයට අයත් එම භූමිය අතීතයේ ලූම්බිණිය වශයෙන් හ`දුන්වන ලද බව ඉන්දියාවේ පළමු පුරාවිද්‍යා අධක්ෂක ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් චුන්‍යාගම් මහතා මහතා විසින් තහවුරු කර ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ගෙන් කොටසක් ශාක්‍ය රජදරුවන් භාරගෙන ඇති බව ඉතිහාසඥයන් හා බුද්ධ ශාස්ත්‍රීය සංග්‍රහවල ස`දහන්කර තිබේ.

කපිලවස්තු ධාතූන් වහන්සේලා 2012 වසරේ දී මහත් ගෞරවයෙන්, ශ්‍රී ලංකාවට ද වැඩම කරවන ලද අතර බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය මැද ප්‍රදර්ශනය කරන ලදී.

Published in පුවත්