Print this page

බොහෝ දේ අහිමිවූ ජෝ බයිඩන් - නව ඇමරිකානු ජනපති Featured

Posted On Thursday, 05 November 2020 14:45 Written by
Rate this item
(1 Vote)

1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්‍රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.
 
ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.

එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.

මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.
 
"මගේ තාත්තා සැමවිටම කිව්වේ, "ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා," බයිඩන් පැවසීය.    

ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්‍යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.

ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.

නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.  

ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.

ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් - බියෝ සහ රොබර්ට් - සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.

බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.

එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.
 
2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය.

බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් නම්  ඔහු ඇමරිකාවේ ජනපති ලෙස පත්වීමට ඉතා ආසන්නය. 

Read 1179 times
Editor

Latest from Editor