Thursday, 28 March 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 445

ලොව පළමු සෝලා පාර ප්‍රංශයෙන් Featured

Posted On Friday, 23 December 2016 07:52

සූර්යකෝෂ වලින් සැදුම්ලත් ලොව පළමු මාර්ගය විවෘත කර තිබේ.

 

මෙම මාර්ගය විවෘත කර ඇත්තේ ප්‍රංශයේ නෝමැන්ඩි නම් කුඩා නගරයේය.

 

කිලෝමීටරයක් ඔස්සේ දිවෙන මෙම මාර්ගය සෑදීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුනේ ප්‍රංශයේ පරිසර අමාත්‍යංශයයි.

 

Tourouvre-au-Perche නගරයේ වීථි පහන් දැල්වීම සඳහා බලශක්තිය ජනනය කරන මෙම මාර්ගය මගින්, මහා පරිමාණයෙන් එවැනි ව්‍යාපෘති දියත් කළ හැකිදැයි නිර්ණය කෙරෙනු ඇත.

 

පරිසර හිතකාමී වීම හා නිෂ්පාදක වියදම් අඩු වීම හේතුවෙන් සූර්යකෝෂ බලශක්ති නිෂ්පාදනය ලොවපුරා ජනප්‍රිය වෙමින් පවතියි.

Read 1156 times