Friday, 29 March 2024

චීනය තවත් දැවැන්ත ගුවන්තොටුපලක් විවෘත කරයි

Posted On Thursday, 26 September 2019 04:32

බීජිං හි දැවැන්ත ඩැක්සිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Daxing International Airport)නිල වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව  කළ අතර  ඒ ඔක්තෝබර් 1 වන දිනට යෙදෙන  මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය සමරන සැමරුම් සඳහා ය.

ඊයේ  උදෑසන,(25) මාධ්‍යවේදීන්, සම්භාවනීය අමුත්තන් සහ ගුවන් නියෝජිතයින් පැය හතරකට වැඩි කාලයක් රැඳී සිටියේ ජනාධිපති ෂී ජින් පිංගේ පැමිණීම සඳහා ය. දහවල් වීමට පෙර දිදුලන රන් හා වීදුරු මෙගා පර්යන්තයන් ප්‍රධාන සමුළුවට ඇතුළු වූ ඔහු ගුවන් තොටුපල නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

ගුවන් තොටුපලට පැමිණ අමුත්තන් ඇමතු ජනපති ෂී ජින් පිංග්

 “මම බීජිං ඩැක්සිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත බව ප්‍රකාශ කරනවා,”

පවසමින් නිල වශයෙන් ගුවන්තොටුපල ජනතාවට නදහස් කරනු ලැබුවා.

අනතුරුව  ගුවන් තොටුපලේ මංගල ගුවන් යානය ගුවන් තොටුපලේ ධාවන පථ හතරෙන් එකකින් ගුවන් ගත වන විට ජනපති ඇතුළු චීන ආණ්ඩුවේ නියෝජිතයින් හා රැස්ව සිටි ජනතාව මහත් උද්යෝගයෙන් ඒ දෙස බලා සිටියා. එය ලොව විශාලතම ගුවන්යානය වන එයාර් බස් ඒ 380 යානයක් වූ අතර  ඩැක්සිං හි ප්‍රධාන මෙහෙයුම්කරුවා වන චයිනා සදර්න් සමාගමට අයත් වුවක්.

අකුරු තුනකින් යුත් එනම්  PKX කේතයක් සහිත ගුවන්තොටුපළ වෙත යාමට නියමිතව තිබූ අනෙකුත් ගුවන් සමාගම්වල ගුවන් ගමන් ද පසු දිනට සැලසුම් කර තිබුණි. මුලදී, ගුවන්තොටුපල භාවිතා  කරනුයේ රට ඇතුලත ගුවන් ගමන් සඳහා පමණි. රේගු සහ සංක්‍රමණ ආරක්ෂණ ක්‍රම තවමත් ක්‍රියාත්මක නොවන අතර ඒවායේ කුටි දැනට හිස්ව ඇති අතර පරිගණක තිර වලින් තොරය.

ඩැක්සිං වෙතින් ගුවන් ගමන් ඊළඟ වසන්තය වන විට ලොව පුරා ගමනාන්ත 112 ක් ආවරණය කරයි.

 

 

Read 1091 times