Thursday, 25 April 2024

වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත්

Posted On Sunday, 16 May 2021 16:34

ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports Championship ඇරඹෙයි

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය (15) සවස 5ට ආරම්භ වේ.

ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔප්නැංවීම සහ සයිබර් ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම හා දායකත්වය ලබාදීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.

තරගාවලිය ජයගන්නා 300 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම තෑගි සහ Data ලබාදීමට SLT මොබිටෙල් ආයතනය ඉදිරිපත්වී සිටියි.

ජාතික මට්ටමෙන් පැවැත්වෙන මෙම Hyper Casual – eSports තරගාවලිය 15 සිට දින 02 ක් පුරා පැවැත්වෙන අතර ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා තරග 06 ක් ඔස්සේ මෙම තරගාවලියේ ඉදිරියට යාමට සිදුවනු ඇත.

අදාළ ක්‍රීඩා තරග අභියෝග 06 ඔස්සේ ඉදිරියට යන සියලුම ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට අවසානයේ ජාතික ලකුණු පුවරුවට පැමිණීමේ අවස්ථාව උදාවන අතර එහිදී වැඩිම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ජාතික ශූරතාවයට උරුමකම් කීමේ හැකියාව උදාවනු ඇත.

Hyper Casual ක්‍රීඩාව මෙරටට හඳුන්වාදුන් IMI Games මෙම තරගාවලියේ සියලු තාක්ෂණික සහ සංවිධාන කටයුතු ඉටු කරන අතර මෙමගින් ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ජාතික මට්ටමේ නවමු අත්දැකීමක් හිමිවනු ඇත.

වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයක් ඔස්සේ නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශ හඳුන්වාදීම තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මාසයේ දී සිදු වූ අතර අමාත්‍යතුමා මෙවැනි තරගාවලියක් සංවිධානය වීමේ වැදගත්කම එදිනම පෙන්වා දී තිබිණි.

Posted On Sunday, 16 May 2021 16:28

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්- සුළගේ වේගය වැඩි විය හැකියි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Saturday, 15 May 2021 16:53

ගිණිකොණ දිග අරාබි මුහුදේ සහ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින්න

Posted On Saturday, 15 May 2021 16:50

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීම මැයි 17 සිට

Posted On Saturday, 15 May 2021 16:45