Tuesday, 23 April 2024

 

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරය. මෙම වාර්තා සහ එවැනි අදහස් ද ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැළපන බව දක්වයි.ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුවක් තුළින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා වන ඔවුන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන සමඟ ශ්‍රී ලංකාව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඊයේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

Posted On Monday, 11 July 2022 04:38

2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම-අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

Posted On Sunday, 10 July 2022 16:19

පක්ෂ නායක තීරණය කියයි

Posted On Sunday, 10 July 2022 16:14

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේසහය දක්වන වැඩසටහනක්පිළිබඳ සංවාදය නැවත ආරම්භකිරීමට වත්මන් තත්ත්වයසමථයකට පත් කිරීම ඉඩසැලසන බවට ශුභවාදී අදහස්පළ වි තිබේ.

මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා තිබේ.

දිගු කාලීන ආර්ථිකස්ථාවරත්වයක් ළඟා කරගැනීමට සහ ජනතාවගේඅතෘප්තියට විසඳුම් ලබා දෙනවිසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මකකිරීමට කඩිනමින් ක්‍රියා කරනලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකානායකයින්ගෙන් ඉල්ලා තිබේ.

Posted On Sunday, 10 July 2022 08:54

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිතබා ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි. වික‍්‍රමසිංහ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ සර්ව පාක්ෂික ආන්ඩුවක් බලයටගෙන ඒමට මග සැලසීම සඳහාය. “සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතළුව  රජය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක් සඳහා මග සලසන ලෙස අද පක්ෂ නායකයින්ගේ හොඳම නිර්දේශය මම පිළිගනිමි.                                මේ සඳහා පහසුකම් සැලසීම සඳහා මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා,” ඔහු ට්විටර් පණිවුඩයක් ලිවීය.

රොයිටර් පුවත් ඒජන්සියට අනුව, ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ දහස් ගණන් විරෝධතාකරුවන් පොලිස්බාධක බිඳගෙන මේ වසරේ පැවති විශාලතම රාජ්‍ය විරෝධී පාගමනකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසට කඩාවැදුණි. ඒ.එෆ්.පී පුවත් ඒජන්සියට අනුව ජනාධිපතිවරයා සිය නිවසින් පලා යන බවට වාර්තා පළවීය. ඇතැම් විරෝධතාකරුවන් ශ්‍රී ලංකා ධජ සහ හිස්වැසුම් අතැතිව ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු බව  NewsFirst නාලිකාවේ වීඩියෝ දර්ශන පෙන්වයි.

ශ්‍රී ලංකා ව දශක හතක දරුණුතම මූල්‍ය කැළඹීමකට ඇද දමමින් අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ ආනයනය සීමා කර ඇති දැඩි විදේශ විනිමයහිඟයක් යටතේ අරගල කරමින් සිටී. දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹට රොක් වී, ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ කියමින් සහ රාජපක්ෂගේ නිවසට ළඟා වීමට තිබූ පොලිස් බාධක කිහිපයක් කඩා බිඳ දැමූ බව සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවයට වාර්තා කළේය. පොලිසිය අහසට වෙඩි තැබූ නමුත් කෝපයට පත් ජනකාය ජනාධිපති මන්දිරයවටකර ගැනීම වැළැක්වීමට නොහැකි වූ       බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය

 

Posted On Saturday, 09 July 2022 17:09