Tuesday, 23 April 2024

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට ඊයේ දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 120 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝගීන් 2341 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 52 කු හඳුනාගෙන තිබේ.

දැනට හුදකලා කර ඇති මතුගම ප්‍රදේශයේ ගම්මාන තුනෙහි සිටින පුද්ගලයින් හැර කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

බේරුවල මග්ගොන ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගැණුනු කොවිඩ් නයින්ටීන් රෝගීයාගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජි.සිංහබාහූ මහතා සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Posted On Wednesday, 21 October 2020 05:43

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර ජනතාවට එම පොලිස් ස්ථානයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

Posted On Wednesday, 21 October 2020 05:31

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විපක්ෂ  නායක තුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් මෙම විරෝධයට එක් වී සිටි අතර රථ පෙලපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණීමත් පාර්ලිමේන්තුවේ දී රතු පාට පටියක් ප්‍රදර්ශනය කරමි ඊට විරෝධය දැක්වීමත් දක්නට ලැබිණ.

01_Sannasa_21-10-2020.jpg

 

03_Sannasa_21-10-2020.jpg

 

04_Sannasa_21-10-2020.jpg

Posted On Wednesday, 21 October 2020 04:49

මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය අයාතනය 20 වනදා සිට ජනතාවට විවෘත කෙරේ

Posted On Monday, 19 October 2020 08:41

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත් අංශය සහ රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අලෙවිසැල ඔක්:23 දක්වා වසා තැබේ.

Posted On Sunday, 18 October 2020 16:02