Friday, 19 April 2024
මෙරට ප්රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙස ලෙසයි.
ගම්පොළ ප්රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් රට පුරා පිහිටි ප්රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් බෙදා හැර ඇතැයි ද වාර්තා වී ඇත.
Posted On Tuesday, 05 January 2021 10:36

කොළඹ කොටස් වෙලදපළේ දෛනික පිරිවැටුම අද මධ්‍යහන වනවිට රුපියල් ට්‍රිලියන හතර ඉක්මවාගොස් තිබිණි. මෑතක දී කොටස් වෙළඳපල මෙතරම් දෛනික පිරිවැටුමක්  පෙන්නුම් කළ ප්‍රථම අවස්තාව මෙය වේයි. අද (5) පෙරවරු 10.00 වනවිට රුපියල් ට්‍රිලියන 3 ක පිරිවැටුමක් පෙන්නුම් කළ අතර දහවල් 12 පසුවනවිට එය රුපියල් ට්‍රිලියන 4 ඉක්මාවා යාමද විශේෂත්වයකි.බැංකු පොලී අනුපාතය අඩුවීම හා විකල්ප ආයෝජන අවස්ථා පදනම් කරගනිමින් ආයෝජකයින් කොටස්   මිල දී ගැනීමට පුරුදු  වී සිටියි .පස්වරු එක  වනවිට සමස්ත ගණුදෙන සංඛ්‍යාව විසි පන්දහස (25000 ) ඉක්මවූ අතර ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයින් තුල දැඩි නැඹුරුවක් දක්නට ලැබිණි.සියලු කොටස් මිල දර්ශකය එකක 82කින් හා මිලංකා දර්ශකය එකක 21කින් ඉහලගොස් තිබේ.

Posted On Tuesday, 05 January 2021 07:16

කොළඹ මහජන පුස්තකාලය පාඨකයින්ට විවෘත වෙයි

Posted On Tuesday, 05 January 2021 05:19

 

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ ගැටලුව හා ත්‍රිකුණාමල වාරයේ සංවර්ධන කටයුතු පිලිබඳ සාකච්ජා කරනු ඇති බවට තහවුරු කර නොමැති අතර. අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙම සංචාරයෙදී ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළපෙලේ නියෝජිතයින් හමුවීමට ද නියමිත බව රජයේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

 

 

Posted On Monday, 04 January 2021 09:10

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2006 දී හඳුන්වා දුන් රුපියල් දෙදහසක මුදල් නෝට්ටුව  අවලගු කළ අතර ඊට විවිධ හේතු බලපෑ අතර එහි විශාලත්වයද එක් හේතුවක් විය. කෙසේ වෙතත් 

නැවත දෙදහසේ මුදල් නෝට්ටුවක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. 1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක්  නිකුත් කරනු ලැබ ඇත. 

1 හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

2. දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

3. ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

4. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය

5. පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය

6. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

7. සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය

8. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය

9. ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය

10 .ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය

11 .සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන නෝට්ටු කාණ්ඩය යටතේ මෙම නව මුදල් නොට්ටුවද නිකුත්වනු ඇති.

 

Posted On Monday, 04 January 2021 08:36