Thursday, 25 April 2024

ගාල්ල මත්ස්‍ය වෙළදපලේ  කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමග වෙළදපල වසාදමා ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදු කරන අතර කොස්ගම රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම්ද් රෝහලෙන් පැනගොස් ඇත. ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන පසුබිමක පෑලියගොඩ මත්ස්‍ය වෙළදපලේ ආශ්‍රිතයින් අතරින් බොහො පිරිසක් බෙරුවල හා ත්ංගල්ල මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගී. 110ක් වාර්තාවන අතර බොහෝ පිරිසක් මත්ස්‍ය වෙළදපල හා සම්බන්ද පුද්ගලයි වේ.

Posted On Friday, 23 October 2020 05:16

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Posted On Wednesday, 21 October 2020 08:13

 
 
 

පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර ඇත.

එම PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මෙලෙස පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත.

Posted On Wednesday, 21 October 2020 06:52

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට ඊයේ දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 120 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝගීන් 2341 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 52 කු හඳුනාගෙන තිබේ.

දැනට හුදකලා කර ඇති මතුගම ප්‍රදේශයේ ගම්මාන තුනෙහි සිටින පුද්ගලයින් හැර කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

බේරුවල මග්ගොන ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගැණුනු කොවිඩ් නයින්ටීන් රෝගීයාගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජි.සිංහබාහූ මහතා සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Posted On Wednesday, 21 October 2020 05:43

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර තිබේ.‍

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද (21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සෙසු නිලධාරින් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගැනුණි.

කෙසේවෙතත් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා පොලිස් ස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති අතර ජනතාවට එම පොලිස් ස්ථානයෙන් සේවා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

Posted On Wednesday, 21 October 2020 05:31