Friday, 19 April 2024

අද සිට තෙදින ඩෙංගු මදූරු මර්දන වැඩසටහනක්

Posted On Thursday, 03 August 2017 09:07

කඩින් කඩ ඇති වන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදූරු ඝණත්වය යළි වැඩිවිය හැකි බැවින් අද (03) සහ 04,05 යන තෙදින දීප ව්‍යාප්ත මදූරු මර්දන වැඩසටහනක දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මදූරු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

 
ඒ අනුව පාසල්, රාජ්‍ය ආයතන, ඉදිකිරීම් කලාප සහ පෞද්ගලික ස්ථාන ද දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරන අතර, අධි අවධානම් කලාප පරීක්ෂා කිරීමට ද නියමිතය.
 
කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුරය, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මදූරු මර්දන කටයුතු සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. මෙි සඳහා සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රීවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 2000 කට අධික සංඛ්‍යාවක් රාජකාරී කටයුතුවල නිරතවීමට නියමිතය. කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදූරු ඝණත්වය යළි වැඩිවිය හැකි බැවින් තම පරිශ්‍ර පිරිසිදූව තබාගැනීම ජනතාවගේ ද වගකීමක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
ජුලි මාසයේ දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 8988 ක් වාර්තා වූ අතර, තුන්වන සතිය වනවිට එය 7949 දක්වා අඩු වී තිබුණි. සිව්වන සතිය අවසන් වන විට එය 2484 දක්වා අඩු වී තිබූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
 
2017 වසරේ මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ඩෙංගු මදූරු මර්දන වැඩසටහන්වල දී පරිශ්‍ර දාහත්ලක්ෂ 6333 ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඉන් 34,000 ක ඩෙංගු මදූරු කීටයින් හමු වූ අතර, 23,519 කට නඩු පවරා ඇත.
 
පසුගිය 27,28 සහ 29 තෙදින පැවැත් වූ ඩෙංගු මදූරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර එක්ලක්ෂ 5486 ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඉන් 19‍684 ක මදූරුවන් බෝවන ස්ථාන සොයාගෙන ඇති අත, මදූරු කීටයින් හමු වූ ස්ථාන සංඛ්‍යාව 1343 කි. පරිශ්‍ර 3655 කට රතු නිවෙිදන නිකුත් කර ඇති අතර නඩු පැවැරු සංඛ්‍යාව 798 කි. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ පාසල්, රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් කළාප මෙන්ම කර්මාන්තශාලා වල ද ඩෙංගු මදූරු කීටයින් වැඩි වශයෙන් හමු වූ බවයි.
 
2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් එක්ලක්ෂ 15,605 ක් වාර්තා වී ඇති අතර, සිදූව ඇති මරණ සංඛ්‍යාව 327 කි.