Thursday, 18 April 2024

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

Posted On Friday, 16 June 2017 06:34

විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සමහර ස්ථානවල (විශේෂයෙන් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල) මි.මි.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.