Friday, 29 March 2024

අගමැති ජපානයට ළඟා වෙයි- නිල සාකච්ඡා අද ඇරඹේ

Posted On Tuesday, 11 April 2017 06:51

ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.


ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලූ දූත පිරිස ඊයේ (10) දින ජපානයේ වේලාවෙන් ප.ව. 5.30 ට පමණ නරීතා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජපානයට ළඟා විය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබූයේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමි  මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා සහ එම මහත්මිය ඇතුලූ කාර්ය මණ්ඩලය විසිනි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්ව සිටිති.