Tuesday, 23 April 2024

ඉදිරි දිනවල සවස ගිගුරුම් සහිත වැසි

Posted On Tuesday, 11 April 2017 06:49

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි.50ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.