Thursday, 28 March 2024

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Posted On Monday, 27 March 2017 07:01

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අනිද්දා පෙ.ව. 9.00 සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස,

කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති බවත් මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට අයත් වන අතර. කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන ප‍්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.