Thursday, 28 March 2024

Park & Ride (City Bus) සේවය ව්‍යාප්ත කෙරේ

Posted On Tuesday, 23 February 2021 08:40

Park & Ride (City Bus) සේවය ව්‍යාප්ත කෙරේ

 

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට වර්තමානයේ ක්‍රියාත්මක වන (Park & Ride) (පාර්ක් ඇන්ඩ් රයිඩ්) ක්‍සඑහ ඊමි (සිටි බස්) සේවාව (නියමු ව්‍යාපෘතිය) මේ වන විට ලබා ඇති ප්‍රගතිය හා ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචනය කිරිම සඳහා, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වන දින බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දි පැවැත්විණි.

මෙහිදි Park & Ride (City Bus) සේවාව ක්‍රියාත්මක කිරිමේදි හඳුනාගත් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා වු අතර නුදුරේදීම එම සේවාව හඳුනාගත් ප්‍රවාහන කොරිඩො කීහිපයක් සදහා ව්‍යාප්ත කිරිමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදි තීරණය විය.

ඒ අනුව නුදුරේදිම එම සේවාව පිළියන්දල ප්‍රධාන බස් නැවතුමේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය වු අතර ඒ සදහා නවතම මගී ප්‍රවාහන බස්රථ යෙදවීමටත් ඉදිරියේදි කටයුතු කරනු ඇත.
ඒ අනුව, ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමටත් Park & Ride (City Bus) සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවාගෙන එම සේවය තව දුරටත් කාර්යක්‍ෂමව ව්‍යාප්ත කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා විසින් නිළධාරින්ට උපදෙස් ලබා දිම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස් ,ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, මොරටුව නගර සභාවේ සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, කැස්බෑව නගර සභාවේ සභාපති ලක්‍ෂ්මන් පෙරේරා, ප්‍රවාහන අමාත්‍ය පෞද්ගලික ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ද සහභාගී වූහ.