Thursday, 25 April 2024

ඌන සේවා නියුක්ති උපාධිධාරීන් සියලුදෙනාටම උපාධිධාරී රැකියා ලබාදීමට අවධානය

Posted On Tuesday, 12 January 2021 07:23

ඌන සේවා නියුක්ති උපාධිධාරීන් සියලුදෙනාටම උපාධිධාරී රැකියා ලබාදීමට අවධානය

 

උපාධිධාරීන් ආණ්ඩුවේ රැකියා වලට බදවාගැනීමේ වැඩසටහන යටතේ දැනට ඌන සේවා නියුක්ති උපාධිධාරීන් සියලුදෙනාටම රැකියා ලබාදීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබදව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කියා සිටියේ, ඊයේ දින අමාත්‍යවරුන් ගණනාවක් විසින් ඌන සේවා නියුක්ත උපාධිධාරීන් මුහුණපා සිටින තත්ත්වය පිළිබදව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවය.

අමාත්‍යවරයා පවසන පරිදි, පසුගිය වසරේ සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ඒ වන විටත් රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිටි උපාධිධාරීන්ව බදවාගැනීමට හසුවී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස තමන් සමග එකම විශ්ව විදයාලයේ තමන්ට කණිෂ්ඨව සිටි සිසුන්ගේ යටතේ කම්කරු සහ කාර්යාල කාර්යය සහායක රැකියා වල සේවය කිරීම ආදී ශෝචනීය තත්ත්වයන්ට මුහුණපෑමට මෙම උපාධිධාරීන්ට සිදුව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.