Friday, 19 April 2024

''බුරවි'' සුළි කුණාටුව හේතුවෙන් තදබල හානි කිසිවක් වාර්තා වී නෑ

Posted On Thursday, 03 December 2020 15:45

''බුරවි'' සුළි කුණාටුව හේතුවෙන් තදබල හානි කිසිවක් වාර්තා වී නෑ

 

''බුරවි'' සුළි කුණාටුව හේතුවෙන් තදබල හානි කිසිවක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මන්නාරම් ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයන් ඇතැම් ප්‍රදේශවල වාර්තා වුවත් තද බල හානියක් වාර්තා නොවන බව දිස්ත්‍රික් ආපදා ඒකක වාර්තා කරන බවද කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

සියලු කටයුතු ආපදා කළමනාකරණ ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව අඛණ්ඩව සිදු කෙරෙන බවත් තවදුරටත් ධීවර කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කළේ ය.

හදිසි මෙහෙයුම් මැදිරිය 117 අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. පීඩාවට පත් ජනතාව සිටී නම් සහන ලබාදීමට රාජ්‍ය යාන්ත්‍රය අඛණ්ඩව සම්බන්ධීකරණය සිදු වන බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ය