Saturday, 20 April 2024

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා. - අධ්‍යාපන අමාත්‍ය

Posted On Thursday, 03 December 2020 15:43

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා. - අධ්‍යාපන අමාත්‍ය

 

හැකි ඉක්මණින් විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වනවා. - අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස්.

හැකි ඉක්මණින් විභාගයට පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පවත්වන බවත් ඒම විභාග ප්‍රතිඵල මාස 03ක් ඇතුලත ඒනම් ජූනි මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීරිස් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ කොවිඩ් 19 වසංගතය හමුවේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම හා විභාග කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්කිරීම සදහා අද (03) දින පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජූනි මස විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේ උසස් පෙළ පන්ති ඇරඹීමට බලාපොරොත්තු වන අතර සාමාන්‍යයෙන් උසස් පෙළ පන්ති සැප්තැම්බර් මාසයේ ඇරඹෙන බැවින් මෙහිදී සිසුන්ට පාඩුවක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම වැඩකටයුතු සාර්ථක ලෙස ඉක්මණින් කිරීමට අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද ඔහු පැවසුවේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 621000ක් පෙනී සිටීමට නියමිත වන අතර රටේ පවතින සමස්ථ පාසල් සංඛ්‍යාව වන 10165න් මෙම වකවානුවේදී විවෘත කළ හැක්කේ 5100ක් පමණක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
ඒමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ විභාග ශාලා 154ක් ඇති අතර ඒම විභාග ශාලා වල ළමුන් 24600ක් අයත් වන බවත් වර්තමානයෙහි කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් ඒල්ල වී ඇති බැවින් කොළඹ විභාග ශාලා වල විභාගය පැවැත්වීම අසීරු වී ඇත. ඒ් හේතුවෙන් අතිරේක විභාග මධ්‍යස්ථාන යොදා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙහි විභාගය පැවැත්විය හැකිදැයි වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් ලබාගනිමින් විමර්ශනය කළද ඒය ඒතරම් සාර්ථක නොමැති බවත් අධ්‍යාපන ඇමතිතුමන් ප්‍රකාශ කළේය. ඒ් අනූව සාමාන්‍ය පෙළ විභාගය පාලනය කළ නොහැකි හේතුවක් මත කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
මෙලෙස මින් පර සාමාන්‍යපෙළ විභාගය පැවැත්වීමට යොදාගත් 2021 / 01 / 18 වන දින සිට 27 වනදා දක්වා සාමාන්‍යපෙළ විභාගය පැවැත්වීමට නොහැකි ප්‍රධාන කරුණ වන්නේ මේ වන විට සෞඛ්‍ය හේතූන් මත දිවයිනේ සමස්ථ පාසල් ළමුන්ගෙන් 11 වන ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ හරි අඩකට ඒනම් සියයට පනහක ප්‍රතිශතයකට පමණක් වන බැවින් විභාගයට පෙනී සිටින සැමට සමානව පන්ති පැවැත්වීමට නොහැකිව විභාගය පැවැත්වීම සාධාරණ නොවීම හේතුවෙන් බවද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.
උසස් පෙළ සදහා දින 22ක කාලයක්ද සාමාන්‍ය පෙළ විභාගය සදහා දින 09ක තරම් කෙටි කාලයක් ගත වුවද සෞඛ්‍යාරක්ෂිතව ගැටලුවක් ඇති නොවන පරිදි විභාගය පැවැත්වීම සදහා මාර්තු මාසයේ සාමාන්‍යපෙළ විභාගය පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම තත්ත්වය මත කිසිසේත් දිවයිනේ සමස්ථ පාසල් වසා නොදමන බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඌව පළාතේ පසුගිය දින වල සිසුන්ගේ පැමිණීම 71%ක ප්‍රතිශත අගයක් ගත් බවයි. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ උද්ගතව ඇති කොවිඩ් ව්‍යාප්තිය වැඩි තත්ත්වය මත මුළු දිවයිනෙහිම පාසල් වසා දමමින් සිසුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අවහිර කිරීම සාධාරණ නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
උසස් පෙළ විභාගය අසීරු තත්ත්වයක් යටතේ පසුගිය කාලයෙහි සිසුන් 362000කගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා මාස 03ක් ඇතුලත ඒනම් මාර්තු මාසයේදී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.
ඒ් අනූව සාමාන්‍යපෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා ඒක් ඒක් විභාග මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් රුපියල් දස දහසක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර උත්තර පත්‍ර බැලීමේ ගාස්තුද ඉහල දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
පරීක්ෂකවරුන් සදහා senitizer බෝතල් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අනෙතුත් විභාග වන රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ රාජ්‍ය බැංකු සදහා වන බදවාගැනීමේ විභාග, උසස්වීම් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ආදී සමස්ථයක් ලෙස විභාග 35ක් පමණ නුදුරු අනාගතයේදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය පසුබිම සකසමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය ජී ඒල් පීර්සි මහතා අවධාරණය කළේය.